-Chapter 1-

1.9K 218 35
                                    

"මං කිව්වනෙ අප්පා...මට සෙකට්‍රි කෙනෙක් ඕන වෙන්නෙ නෑ.."
එහෙම කියපු ජන්කුක් ටේබල් එකටත් පයින් පාරක් ගහගෙනම එතනටම වෙන්න තිබුණු තමන්ගෙ සීට් එකේ වාඩිවුණා.

"ජන්කුක්, මම තමුන්ගෙම හොදටයි කියන්නෙ..
මෙතන වැඩ සේරම තනියම කරගන්න පුළුවන් වෙයි කියලද හිතන්නෙ?"

"යෙස්.ඩෙෆිනීට්ලි"

"අද වෙනකන් තමුන් කියන කියන පදේට නැටුවා ජන්කුක්..ඒ මගේ එකම දරුවා තමුන් නිසා..ඒත් ආයෙ නම් නෑ..මේ තියෙන්නෙ මන් අවුරුදු ගාණක මහන්සියෙන් ගොඩ ගත්ත මගෙ කම්පැනි එක..

තමුන් දන්නවද මට මේක මේ තත්ත්වෙට ගේන්න කොච්චර මහන්සි වෙන්න වුණාද කියලවත්??නැහැ නේද??ඒ නිසා..මම හොදට හොයලා බලලා තමුන් වෙනුවෙන් හෙටම සෙකට්‍රි කෙනෙක් එවනවා..ඒ ළමයට හොදින් සළකන්න.ටිකක් මනුස්සයෙක් වගේ කතා කරන්න.එච්චරයි."

එහෙම කියන ගමන් මිස්ටර් ජොන් ජන්කුක්ගෙ ඔෆිස් රූම් එකෙන් යන්න ගියා..

___________________

ජන්කුක් කියන්නේ මිස්ටර් ජොන්ගේ එකම දරුවා.මිස්ටර් ජොන් මුළු කොරියාවෙම ගොඩක් ප්‍රසිද්ධයි. මොකද එයා පොඩිම පොඩි තැනින් පටන් ගෙන ගොඩක් ලොකු තැනකට ආපු කෙනෙක්..අද මුළු කොරියාවෙම ප්‍රසිද්ධ චරිතයක්..කොරියාවේ දැනට තියන කම්පැනීස් අතරින් නම්බර් වන් කම්පැනි එකේ චෙයාමන්.ජන්කුක් තමයි ජොන් කම්පැනි එකේ ඊළග උරුමක්කාරයා.ඉතිං මිස්ටර් ජොන් දැන් ඉදන්ම ජන්කුක්ට ඒ දේවල් උගන්වන්න තීරණය කරා..ඒ නිසා අද ඉදන් ජන්කුක්ට ජොන් කම්පැනි එකේ CEO විදියට වැඩ භාරගන්න සිද්ධ වුණා.

තමන්ගෙ ටේබල් එකටත් අත ගුලි කරලා හොදවයින් පාරක් ගහපු ජන්කුක් සීට් එකට බර වෙලා අත් දෙකෙන්ම ඔලුව අල්ල ගත්තේ එයාට මේ දේවල් ඕන වුණේ නැති නිසා..ජන්කුක් කියන්නේ බිස්නස් පැත්තට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්...

ජන්කුක්ගෙ මේ හැසිරීමට තව එක හේතුවක් තිබුණා....
කවුරුවත්ම දන්නෙ නැති...

කොහොමහරි අද පළවෙනි දවස නිසා කම්පැනි එකේ හැම වැඩක්ම කලින්ම ඉවර කරලා දාලා එතනින් ගැළවිලා ක්ලබ් එකට පැන ගන්න ජන්කුක්ට පුළුවන් වුණා.

ජන්කුක් හැමදාම වගේ ක්ලබ් යනවා..දැන් ඒක එයාට පුරුද්දට ගිහින්..නවත්තගන්න බැරි තරමට..මේ දේවල් නිසා මිස්ටර් ජොන් ජන්කුක් ගැන කළකිරිලයි හිටියේ..

ක්ලබ් එකට ගිහින් ඇති වෙන්න බීපු ජන්කුක් බැරි මරගාතෙන්ම කාර් එකත් ඩ්‍රයිව් කරන් කම්පැනි එක ළගට වෙන්න තිබුණු තමන්ගෙ අපාට්මන්ට් එකට ගියේ ගෙදර යන්න තරම්වත් මානසිකත්වයක් එවෙලෙ නොතිබුණු නිසා.

හොදද මන්දා ඉතින්.
හදිසියේ හිතට ආපු නිසා එහෙමම ලියල දැම්මා.
ඉක්මනට අප්ඩේට්ස් දෙන්නම්🌝❤️

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now