-Chapter 8-

686 189 61
                                    


හිත හිත ඉන්න වෙලාවක් නැති නිසා මාත් ජිමින්ගෙ පිටිපස්සෙන්ම දුවන්න ගත්තා...චිම් කම්පැනි එකෙන් එළියට දුවන්න ගත්තා.එයා පාර දිගේ පිස්සෙක් වගේ දුවනවා...

එක පාරටම.....

මන් දැක්කේ වේගෙන් අපේ පැතතට එන කාර් එකක්..ජිමින් දුවන්නෙත් පිස්සුවෙන් වගේ..කාර් එක එන්නෙත් හැටට හැටේ...මන් ඉක්මනින් ජිමින්ව ඇදලා පාරෙ කොනකට ගත්තා..කාර් එක අපි දෙන්නා ළගින් ගෑවෙන නොගෑවෙන තරමට ඉගිලිලා ගියා...

"ජිමින්...මොකද්ද මේ තමුසෙ කරන්නේ...මෙහෙ එනවා"

මන් එහෙම කියාගෙන ජිමින්ගෙ අතින් ඇදගෙනම මගේ කාර් එක පාක් කරලා තිබුණු තැනට ඇවිත්..ජිමින්වත් ඉස්සරහා සීට් එකේ වාඩි කරවලා..මාත් ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.මිස් යූරාට කෝල් කරලා හදිසි වැඩකට එළියට යනවයි කියපු මන් කාර් එකත් ඩ්‍රයිව් කරන් ජිමින් එක්ක මගේ අපාට්මන්ට් එකට ආවා.

කාර් එකත් පාක් කරලා ජිම්න්වත් ඇදගෙනම අපාට්මන්ට් එකට ඇතුළට ගිහින් මන් එයාට කතා කරා..

"හරි ජිමින්...දැන් මට කියන්න තමුසෙ අර වගේ පිස්සෙක් ගානට පාර පුරා දිව්වේ ඇයි කියලා"

ඒත් ජන්කුක් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ජිමින් කරේ අත් දෙකෙන්ම මූණත් වහන් අඩපු එක..

දැන් තමා ජන්කුක්ට මතක් වුණේ එයා ජිමින්ට කතා කරපු විදිය සැර වැඩී කියලා..මොකද ජිමින් හරිම සෙන්සිටිව් කෙනෙක්.

ජන්කුක් ජිමින් ළගට ගිහින්.. එයාගෙ කදුළු පිහදාලා එයාව හග් කරා...

"චිම්...සමාවෙන්න..මට ඔයාට එහෙම කතා නොකර ඉන්නයි තිබුණේ..කොහෙද ඉතින් මේ තාර පැටියට විහිලුවක් වත් තේරෙන් නෑනෙ..ඔයා දන්නවද චිම්...ඔයා මක් ගාව නැතිකොට මට ලොකු තනිකමක් දැනුනා...ඒක කියාගන්න බැරි තරම් ලොකු හිඩැසක්..හරියට ඔයා නැතුව මගේ ජීවිතේම අසම්පූර්ණයි වගේ.මට ඔයාව ගොඩක් මතක් වුණා."

"කුකී..."

චිම් එහෙම කියන ගමන් මගේ තුරුලේ තව තවත් ගුළි වුණා...ගොඩ කාලෙකින් පස්සෙයි අපි දෙන්න හිතේ හැටියට එකිනෙකාගෙ උණුහුම වින්දේ..ඉතින් ඒ උණුහුමෙන් මොහොතකටවත් ඈත් වෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් කැමති වුන් නෑ...

"චිම්...මේක තවත් ඔයාගෙන් හංගන්න බැහැ..එහෙම කරන්න ඕනෙත් නෑ..මන් ඔයාට කැමතියි..නෑ...ගොඩක් ආදරෙයි ...මගේ චිම් ඉස්සරහ ඉන්නකොට මට වෙන කිසිම දෙයක් පේන්නේ නෑ...ඔයාව විතරමයි පේන්නේ.. ඔයා මාව දාලා ගියාට පස්සේ මට හොදටම තේරුම් ගන්න පුළුවන් වුණා ඒ හැගීම මොකද්ද කියලා..

ඔව්

මම ඔයාට ගොඩක් ආදරෙයි චිම්..."

                 _______________________

ආවා ආවා........
මං ආවා......

😁

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now