-Chapter 13-

586 169 36
                                    

3 months later

හරි ඉක්මණින් කාලේ ගත වුණා.මායි ජිමිනුයි ගොඩක් ආදරෙන් හිටියා.අපි දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වුණා.මේ අතරෙදි අපේ ගෙවල්වලිනුත් අපි දෙන්නගේ affair එක ගැන දැන ගත්තා.ජිමින්ගේ ඔම්මයි,අප්පයි නම් ඒ ගැන අහලා ගොඩක් සතුටු වුණා..ඒත් මගේ අප්පා බය වුණා මං මුරණ්ඩු නිසා ජිමින්ට මොකක් හරි කරදරයක් වෙයි කියලා..ඒත් ටිකෙන් ටික එයාගේ ඒ වැරදි වැටහීමත් නැති කරලම දාන්න මට පුළුවන් වුණා..මොකද ජිමින්ව හම්බවුණාට පස්සේ මම ක්ලබ් යන්න තියා ක්ලබ් එකක් දිහා හැරිලා බැලුවෙවත් නෑ..බොන එක පවා නවත්තලාම දැම්මා..ඒ වගේම මේ මාස තුන ඇතුළත මං ජිමින්ගේ ඔම්මාට ගොඩක් ළං වුණා..මට දැන් මගේම කියලා ඔම්මා කෙනෙක් ඉන්නවා..දැන් මම සම්පූර්ණ වෙලා කියලා මට දැනෙනවා..

හෙට ජිමින්ගේ බර්ත්ඩේ එක..ඉතින් මන් හදන්නේ මේ ලෝකේ තියන ලොකුම සප්‍රයිස් එක එයාට දෙන්න..ඒකට මං ටේගේ උදවු ගත්තා..ටේ කවමදාවත් මං උදවුවක් ඉල්ලුවම නොකර ඉන්නේ නෑ..ජිමින්ට පස්සේ එයා තමා මට හම්බවුණු හොඳම යාළුවා.

මං ජිමින්ගේ ඔම්මාගෙයි,අප්පාගෙයිත් උදවු ඇතුව හැම දෙයක්ම ගානට ප්ලෑන් කරා..

වෙනදා වගේම අදත් ජිමින්ව එයාගේ ගෙදරට එක්කන් ආවේ මං.ජිමින් ප්‍රයිවට් සෙකට්‍රි වුණු දවසේ ඉඳන් අද වෙනකන්ම මං එයාට මගෙ ළගින් මොහොතකටවත් ඈත් වෙන්න දුන්නේ නෑ..මට ඕනේ වුණා ජීවිතේ ඉතුරු කාලෙදි එයාව පරිස්සමෙන් බලාගන්න..

"කුකී පුතේ...ඔයා ආවද..! අනේ මගේ කොල්ලා.."

ගේ ඇතුළට යන්නත් කලින් ඔම්මා දුවන් ඇවිත් මාව තුරුලු කර ගත්තා..මාත් ඒ උණුහුමට ගොඩක් ආස කරා.පොඩි කාලෙ ඉඳන් මගේ ඔම්මාගේ උණුහුම මට ලැබුණේ නෑ..ඒත් දැන් මට ඔම්මා කෙනෙක් ඉන්නවා..එයා මගේ ඔම්මා වගේ නෙමේ..ගොඩක් කරුණාවන්තයි වගේම ආදරණීයයි..මං මගේ ඔම්මාට වෛර කරන එක නැවැත්තුවෙත්,ගර්ස්ලව අප්පිරිය කරන එක නැවැත්තුවෙත් චිම්ගේ ඔම්මා නිසා.

"ඔම්මා.....කුකී....ඔය දෙන්නා නම් හොඳටම වැඩී දැන්...කාටවත් මාව මතක නෑනේ..."චිම් අපි දෙන්නටත් ගස්සගෙනම උඩ තට්ටුවට ගියා..

ජිමින් ගස්සගෙන ගිය විදිය දැකලා මටයි ඔම්මටයි හිනාව නවත්තගන්න බැරි වුණා...එයා නම්...ඉරිසියාව...

"කුකී, අන්න එක්කෙනෙක් ඉරිසියාවෙන් පිපිරෙන්න යනෝ...ගිහින් යාළු කර ගන්න" ඔම්මා හිනාවෙලා එහෙම කියද්දි මාත් උඩ තට්ටුවට ගියේ චිම්ව හොයාගෙන..

දොර අරින්න හැදුවත් ඇතුළෙන් ලොක් කරලා තිබුණු නිසා මං දොරට තට්ටු කරා..

"ජන්කුක්....මට පාඩුවේ ඉන්න දීලා ඔතනින් යනවද..!"

"ඔයාගේ කැමැත්තක් ජිමින්.මම යනෝ එහෙනම්.." මං එහෙම කිව්වා විතරයි ජිමින් දොර ඇරලා මාව ඇතුළට ඇදලා ගත්තා.මට ඉතිං හිනා..

"යා...කුකී...ඉස්සරවෙලා තමුසෙගෙ ඔය හිනාව නවත්තගන්න...!"

මමත් බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන ජිමින් දිහා බැලුවා..එයා වචනයක්වත් කියන්න කලින් මං එයාව කිස් කරා...මේ වෙලාවට කරන්න තියන හොඳම දේ ඒක කියලා මං දන්නවා..එතකොට හරි ඉක්මනින් එයා සන්සුන් වෙනවා..බොරුවටනෙ තරහා ගන්නේ...එයා හිතුවද දන් නෑ මං ඔම්මව උස්සන් යයි කියලා..හනේ මෙයානම්..

එයා සන්සුන් වෙලා කියලා මට තේරුණු නිසා සිපගන්න එක නතර කරලා මං එයාව මගේ තුරුළට ගත්තා..

"බබා....ඔයා දන්නවනේ මගේ ඔම්මා එයා කියලා..ඔයාගේ ඔම්මා නිසයි මං අද මෙහෙම ඉන්නේ..නැත්නම් මාව දාලා ගිහිපු,නමට විතරක් මගේ ඔම්මා වෙලා හිටපු ඒ කෙනාට වෛර කරන එක මට කවමදාවත් නතර කරගන්න වෙන්නේ නෑ .."

"මං දන්නවා කුකී...මුකුත් කියන්න ඕනේ නෑ...මගේ ඔම්මා කියන්නෙ ඔයාගෙත් ඔම්මා තමයි.."

"ජිමින්.....ඔයා හැමවෙලේම හුරතල් වෙන්නමයි බලන්නේ..."

"ඇයි එහෙම එපාද??"
ජිමින් මං දිහා බලගෙන ඇහි බැමකුත් උස්සන ගමන් ඇහුවා.

"නෑ..මං ඒකට ආසයි..."එහෙම කියන ගමන් මන් එයාගේ කම්මුළට පොඩි කිස් එකකුත් දීලා,අතත් වනලා ටක් ගාලා එතනින් මාරු වුණා...මොකද මට කරන්න ගොඩක් වැඩ තිබුණා..මට ඕන වුණේ හෙට දවස එයාගෙ ජීවිතේ අමතක නොවන දවසක් කරන්න..

ඔම්මටත් කියලා ජිමින්ගෙ ගෙදරින් පිටත් වුණු මං කෙළින්ම ගියේ ටේව මීට් වෙන්න.

                   ___________________

ඔන්න අද ඩබල් අප්ඩේට්ස්😁❤️

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now