-Chapter 6-

750 196 127
                                    

ඉතින් ඒ විදියට චිම් මාව වෙනස්ම කෙනෙක් කරා.මම හැමදාම වගේ ක්ලබ් ගානෙ යන්න පටන් ගත්තේ ඒ මූණ අමතක කර ගන්න ඕන නිසා..දවස ගානේ එයාගේ රූපෙ මගේ ඉස්සරහා මැවි මැවි අතුරුදහන් වෙද්දි මම ජීවත් වුණේ මැරුණ කෙනෙක් වගේ.මට දැනුනේ මාව පිච්චෙනවා වගේ.ක්ලබ් එකට ගිහිල්ලා වැටෙනකන්ම බිව්වට පස්සේ මට හැමදේම ටික වෙලාවකට අමතක කරගන්න පුලුවන්.ඒ නිසා දවස ගානේ මන් බොන්න පටන් ගත්තා.පුලුවන් හැම විදියටම ජිමින් ගැන හෙව්වා.එයාලා හිටපු ගෙදර හොයන් ගියා.ඒත් එයාලා ඒ වෙද්දිත් ගෙදර අතෑරලා ගිහින්.කොහේ ගියාද මොනවා වුණාද කියලවත් මම දැනන් හිටියෙ නෑ.අඩු තරමේ මට ඕන වුණා මගේ චිම් හොදින්ද කියලවත් දැන ගන්න.ඒත් මන් එතනදි අසාර්ථක වුණා.

End of the flashback
_____________________

At present

ඒත් දැන් එකපාරටම චිම් මගේ ළග..මම ආයෙම සැරයක් සෙකට්‍රි රූම් එක දිහා හැරිලා බැලුවේ ඒ ඉන්නේ එයාමද කියලා හරියටම දැනගන්න.ඔව් ඒ එයාමයි..ඒත් මට බයයි..මේක හීනයක්වත්ද??

හීනයක් නම් මට කවමදාවත් මේ හීනෙන් ඇහැරෙන්න ඕනෙත් නෑ...

එයා දිහා බලන්ම මං මගේ අතක් මිරිකගත්තේ ඇත්තටම මේක හීනයක්ද නැද්ද කියලා හරියටම දැනගන්න.

"ආයිශ්..."

නැහැ..මේක හීනයක් නෙමේ..මාව වෙනස් කරපු මගේ ඒන්ජල්.ඔව් එයා අන්තිමට අවුරුදු හයකට පස්සේ..මගේ ඉස්සරහා...කිසි වෙනසක් නැහැ..ඉස්සර වගේමයි.

ඒත් මට මිස් යූරා එයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙද්දි....

ආයිශ්....

තමුසෙ එවෙලෙ මොකද්ද කරේ ජන්කුක්...

අනිවාර්යයෙන් චිම් මාව අදුනගන්න ඇති.ඒත් මම මොකද්ද එවෙලෙ කරේ..ශිට්..ශුවර් එකට දැන් පුපුර පුපුර ඇත්තෙ.මම නොදනීද එයාගෙ හැටි.ඒකයි එහෙනම් ලැප් එක අස්සෙම මූණ ඔබන් ඉන්නේ..දැන් මෙයාව යාලු කර ගන්නත් එපයි.

ඔය කරකුට්ටං වෙච්ච මොළෙන් වැඩක් ගනින් ජන්කුක්ක්ක්.....මගේ හිත කෑ ගහන්න අරන්..ශිට්...

ඔය තියෙන්නේ නියම අයිඩියා එකක්...මම සීට් එකෙන් නැගිටලා ටේබල් එක හරියට වෙන්න ඇවිත් පපුවටත් අත ගහන් හයියෙන් කහින්න ගත්තා..ඇත්තම කිව්වොත් මම ඇක්ට් කරන්න නම් උපන් හපන්..කොටින්ම කියනවනම් කොලේජ් යන කාලේ ඩ්‍රාමා කම්පෙටිශන්ස්වලින් වින් කරලා ගත්තු මෙඩ්ල්ස් පවා තියනවා..

වැඩේ කොච්චර තාත්ත්විකව කරාද කිව්වොත් කැහැලා විනාඩියක් ගියේ නෑ ජිමින් මං ළග.

"කුකී..ඔයාට මොකද්ද වුණේ??අනේ කතා කරන්නකෝ..ජන්කුක්...මේ ඔයා නේද??ඔයාට මාව මතක නැද්ද..මම ඔයාගෙ චිම්.."

ජිමින් මගේ පිට අතගාන ගමන් අහන්න ගත්තා..එයාගෙ ඇස්වල කදුළු පිරිලා..අනේ මගේ ඒන්ජල්..එයාට මාව හොදට මතකයි..

එකපාරටම වගේ ආපු සිතුවිල්ලක් නිසා එයා හිතන්නත් කලින් මන් එයාව මගේ ළගට ඇදලා අරන් එයාගේ ලිප්ස් හෙමීට කිස් කරන්න ගත්තා..මගේ ඇස්වලින් ඉවරයක් නැතුව කදුළු කඩාගෙන වැටෙද්දි..පළවෙනි වතාවට මන් මගේ ඒන්ජල්ව කිස් කරා.

මන් ආවා ඔන්න..
ඊයේ දෙන්න බැරි වුණා..
ගෙදරින් කේස්..ඒකයි..🥲 නැත්නම් අප්ඩේට් කරන්න හිටියේ..සොරි රීඩර්නිම්ස් 🥲
අන්තිම ටික ටයිප් කරේ අඩන ගමන්💔

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now