-Chapter 11-

685 181 50
                                    

"චිම්...මං ඔයාට රිද්දුවද??" ජන්කුක් ජිමින්ගෙ ඉණ වටේට අත යවලා එයාව පපුවට තද කර ගත්න ගමන් ඇහුවා..

"ඒකට කමක් නෑ කුකී...ඔයා දන්නවද මං ඔයා වෙනුවෙන් කොයි තරම් කාලයක් බලන් හිටියද කියලා..??"

"දැන් ඉතිං කොහොමත් මගේ විතරයි..."

එහෙම කියලා ජන්කුක් ජිමින්ගෙ නළලෙන් හාදුවක් තිබ්බා..

"කුකී...."

"හ්ම්ම්.."

"ඔයා...ගොඩක් වෙනස් වෙලානේ...ඉස්සරට වඩා..."

"ඔහොම බලන්න එපා..මාව කවුරුවත් උස්සන් යන්නෙ නෑ..."

"හහ්...එහෙමද.."යටි තොලත් හපාගෙන ලාවට හිනා වුණු ජිමින් එකපාරටම ජන්කුක්ගෙ බෙල්ල තදට හපන්න ගත්තා...

"ආ...එපා චිම්....ඕක නවත්තන්න..මට රිදෙනවා...ඔයා නම් හොදටම නරක් වෙලා.."

ජිමින් හිනාවෙලා ජන්කුක්ගෙ බෙල්ලෙන් ඈත් වුණා..

"චිම්..දැන් ආයෙ කම්පැනි එකට යන්න බෑනේ..ඒ නිසා මං ඔයාව ගෙදරට එක්කගෙන යන්නම්..ඊට කලින් වොශ් දාගම්මු..."

ජිමින් නැගිටින්න හැදුවත් ඊට ඉස්සර වුණු ජන්කුක් ජිමින්වත් අත් දෙකට අරන් වොශ් රූම් එකට පැත්තට ගියා...

          ___________________________

Time Pass

දෙන්නා එක්ක හවස් වෙනකන්ම අපාට්මන්ට් එකට වෙලා ගොඩක් දේ ගැන කතා කරා...ඒ දෙන්නාට මග ඇරුණු අවුරුදු හයේදි සිද්ධ වුණු හැම දෙයක් ගැනම වගේ..

"චිම්..දැන් ඔයා ගෙදර යන්න ඕන...මන් ඔයාගේ අප්පාට කෝල් කරලා කිව්වා ඔයාව එක්කන් එනවා කියලා.."

"ඉතිං එයා හා කිව්වද??" ජිමින් පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරන් අහන විදියට ජන්කුක්ට හිනා ගියා..

"යා..ජන්කුක්ක්.....මං අහපු දේට උත්තර දෙනවද හිනා නොවී.."

"ඕහ් මයි බේබි...අයෑම් ජොන් ජන්කුක්...ඩූ යූ නොව්"ජිමින්ගෙ මූණට එබුණු ජන්කුක් ඇහැකුත් ගහන ගමන් කිව්වා..

එතකොටම වගේ සෝෆා එකෙන් නැගිටලා ජන්කුක්ගෙන් ඈත් වුණු ජිමින් අත් දෙකත් බැදගෙන ජන්කුක්ට රවන්න ගත්තා..

"යා...ජිමිනා...ඔය ඉතිං.."ජන්කුක් ජිමින් ළගට ළං වෙන්න හැදුවත් ජිමින් ඊට කලින් ජන්කුක්ව නැවැත්තුවා ..

"ජන්කුක්...!!!ඔතනින් එහාට අඩියක් තිබ්බොත් බලාගන්නම්..."

ඒ වචන ටික ඇහුන විතරයි ජන්කුක් හිටපු තැනම පිළිමයක් වගේ ගල් වුණා..

"ගුඩ් බෝයි..දැන් මට කියන්න ඔයා අප්පාට කෝල් කරලා මොකද්ද කිව්වෙ කියලා??"

"මං ඉතින් ඔයාගෙ අප්පාව දන්නවානේ...අපේ අප්පයි ඔයාලයි අප්පයි බිස්නස්වලදි ගොඩක් ක්ලෝස්..අනික ඒ දෙන්නා ගොඩක් හොද යාළුවෝ...ඒ නිසා ඔයාගෙ අප්පාට මාව විශ්වාසයි..."

"ඒකත් එහෙමද??"ඇස් දෙකත් හීනි කරගෙන ජන්කුක් දිහාවට බැල්මක් දාපු ජිමින් ආයෙම සෝෆා එකෙන් වාඩි වුණා..ඒත් ජන්කුක් නම් හිටපු තැනම ඒ විදියටම හිටං ඉදියා..

මූණත් හරෝලා ජන්කුක් දිහා බලපු ජිමින්ට හිනාව නවත්තගන්න බැරි වුණා....

"කුකී....ඔයා තාම ඇයි ඔතන හිටගෙන ඉන්නේ...??"

"ඔයානෙ කිව්වෙ මෙතනින් එහාට අඩියක්වත් තියන්න එපා කියලා..ඉතිං මං ඔයා කියනකන්.."

"ජන්කුක්...ඔයා..." ජිමින් කටත් අතින් තදකරගෙන හිනාවෙන්න ගත්තා..

"හරි...දැන් ඔයා මාව ගෙදර එක්කන් යන්නෙ නැද්ද..??"

"ඔයා කියනවනම් මිසිස් ජොන්.."ජන්කුක් ජිමින්ටත් ඇහැක් ගහලා ළගට ගිහින් එයාවත් ඇදලා අරන් උකුළෙන් වාඩි කරගෙන එයාගෙ මූණ පුරා හාදු තිබ්බා.

"යා ...ජන්කුක්...තමුන් නම් හැදෙන්නෙම නෑ..."

"එහෙනම් අපි යමු මිසිස් ජොන් ජිමින්" ජන්කුක් ජිමින්ගෙ අතකිනුත් අල්ලගන්න ගමන් කිව්වා..

"යා....ජන්කුකා....මම පාක් ජිමින්..අනික මිසිස්?? ඒ මොන විකාරයක් ද ඒ!!"

"ඉතිං එහෙමනේ...හා නැද්ද..ඉස්සරහට එහෙ.."

"ආයිශ්....ඕක නවත්තගන්නවා..."

"චිම් මං ඇත්තනෙ....."

"යා....ජන්කුක්ක්....මම කොල්ලෙක්...'

"හරි ඉතිං...ඒත් මට ඔයා....."

"ශටප්!!!තව වචනයක් කියන්න එපා.." ජන්කුක්ගෙ අතත් ගසලා දාපු ජිමින් අපාට්මන්ට් එකෙන් එළියට ගියා..

              _____________________

හායි බේබීස් 🌝🌝🌝
කෝමද ඉතින්??

ඔන්න මං මතු වුණා..

පරක්කුයි තමයි ඉතිං...සුට්ටයිනෙ පරක්කු...🌝

මං ආදරෙයි නේ ඔයාලට...ඒ නිසා ආවා
😌❤️

අද හැබැයි පොඩ්ඩයි🥲👍🏻








YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now