හරි වේගෙන් කාලේ ගත වුණා..ජිමින් ජන්කුක් දෙන්නගේ මැජේජ් එක නීත්‍යානුකූල විදියටත් සිද්ධ වුණා..
ඒ දෙන්නම දැන් වෙනදටත් වඩා හොඳින්..
මොකද එයාලගේ ජීවිත පාට කරන්න පොඩි පැටියෙකුත් දැන් එයාලට ඉන්නවා..
හෝව් හෝව්...
ඔයාලා මොනාද හිතුවේ...
ජිමින්ට මුකුත් වුණේ නෑ (ජිමින් ප්‍රෙග්නන්ට් වුණේ නෑ හොඳේ.....🌝)
එයාව එක්කන් ආවේ ජන්කුක්...අනාත නිවාසෙකින් තමා එක්කගෙන ඇවිත් තිබුණේ..පොඩිම පොඩි කොලු පැටියෙක්...තාම යන්තන් අවුරුදු දෙකයි..
එයාගේ ඔම්මයි අප්පයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා නිසා පොඩි කාලෙ ඉඳන් එයා හැදිලා තියෙන්නේ අනාත නිවාසේ..ඇත්තටම ඒ පොඩි කොල්ලට ආදරේ ඕනම වෙලා තිබුණු වෙලාවක තමයි ජන්කුක් එයාව හදාගන්න තීරණය කරේ..
ජිමිනුත් බබාලට ගොඩක් ආදරෙයි කියලා ජන්කුක් දන්නවා..අනික ජිමින් හැමවෙලාවෙම කිව්වෙ එයා පිරිමියෙක් වුණු නිසා ජන්කුක්ට ඕන කරන දේවල් දෙන්න විදියක් නෑ කියලා...ඇත්තටම ජිමින්ට පොඩි ළමයෙක්ගෙ උවමනාව තදින්ම දැනුනා..ඒ නිසාම තමයි ජන්කුක් ජිමින්ටත් නොකියම නීතියෙන්ම ඒ බබාව එයාලගෙ කරගෙන ජිමින්ගේ අතට එයාව දුන්නේ...එදා ජිමින් ගොඩක් ඇඩුවා...සතුටට...
"කෝ බේබි බෝයි...මෙහාට එන්න..."
ජිමින්ගෙ වැඩේම දැන් ඕක තමයි ඉතිං..කොයි වෙලාවෙ බැලුවත් පොඩි එකා එක්ක හුරතලේ...
එයාලා තුන් දෙනා දැන් නැවතිලා ඉන්නේ ජන්කුක්ගේ ගෙදර...එතකොට ජන්කුක්ගේ අප්පටත් තනියක් නෑනේ...අනික දැන් ඔක්කොම බිස්නස් හැඩ්ල් කරන්නේ ජන්කුක්..ජොන් කම්පැනි එකයි පාක් කම්පැනි එකයි දෙකම එකක් වුණා..ඒ දෙකේම චෙයාමන් වුණේ වෙන කවුරුවත් නෙමෙයි..ජොන් ජන්කුක්ම තමා..
කම්පැනි එකේ වැඩ ඔක්කොම සුපුරුදු විදියට අවසන් කරලා තමන්ගේ නිවසට ඇවිත් කාර් එකෙන් බැස්ස ජන්කුක් කෙළින්ම ගියේ ජිමින්ව හොයාගෙන..මාස ගාණකින් ජිමින් ජන්කුක්ට අවධානය දුන් නෑ..එයාගේ වැඩේම මින්ජුන්ව (මින්නුන් කිව්වේ එයාලගෙ බේබි බෝයි)හුරතල් කරන එක..දැන් නම් ජන්කුක්ටත් එපා වෙලා හැබැයි...
YOU ARE READING
YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎
Fanfiction❤️A story between two hearts❤️ You are the angel of my life -JUNGKOOK - You showed me what love is -JIMIN- Jikook Short Chapters