-Chapter 16-

591 151 183
                                    

එතකොට මේ හැමදේම....

ජන්කුක්.... එයාද මේ දේවල්...

"යා....ජන්කුක්ක්ක්ක්ක්ක්......."

මට ඉබේටම වගේ හයියෙන් කෑ ගැහුනෙ තවත් කේන්තිය පාලනය කරගන්න බැරි වෙද්දි..

එකකොටම වගේ මං දැක්කේ කේක් එකකුත් අත් දෙකට අරන් මගේ දිහාවට එන ජන්කුක්ව

ඒ කියන්නේ මං හරි.
මෙච්චර දෙයක්.
මං බය වුණු පාරට මැරුන් නැති ටික විතරයි.

"යා ජන්කුකා....."

"ජිමිනා....සෙන්ග් ඉල් චුකාහේ..." කුකී මට කේක් එකත් දික් කරලා එහෙම කියද්දි මං එයාට රවලා බිම බලාගත්තා.

"චි...චිම්...මට පොඩ්ඩක්.."

චටාස්...🙂💔

ජන්කුක් ඉතුරු ටික සම්පූර්ණ කරන්න කලින් වේගෙන් ආපු ජිමින්ගේ අතල් එයාගෙ එක කම්මුළක නතර වුණා.ජන්කුක් එයාගේ කම්මුළත් අල්ලගෙනම ජිමින් දිහා බැලුවා.

"ජන්කුක්...තමුසෙට පිස්සුද මනුස්සයෝ...දන්නවද...මං...මං කොච්චර බය වුණාද කියලා..මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.. අනික ඒකත් තමුන් ගැන.මං වද වුණේ තමුන් ගැන..මට මොනවා වුණත් කමක් නෑ...ඒත් ඔයා..."

"මේ අහන්න චිම්.."

"මට තව එක වචනයක්වත් අහන්න ඕන නෑ ජන්කුක්...."

"එතකොට ඔම්මා, අප්පලා දෙන්නා....ඔයාලත් මේ දේට සම්බන්ධ වෙලා තියෙන්නේ..!!හරි ඔයාලා කරන් යන්නකෝ... !!එහෙම කියපු ජිමින් ජන්කුක්ටත් ගස්සගෙනම රූම් එකේ ඩෝ එක පැත්තට ගියා...."

"ජිමිනා..."

එකපාරට ඇහුනු හඬ නිසා ජිමින් ආයේ හැරිලා බැලුවා.

"ටේහ්‍යුන්..!"

"ඔව්.මම තමා මේ සේරම කරේ.මගෙයි වැරැද්ද.ඒ නිසා ජන්කුක්ට සමාව දෙන්න.."මූණත් බිමට හරෝගෙනම ටේහ්‍යුන් කතා කරා.

"යා ටේහ්‍යුනා...එහෙම නෙමේ...."

"එපා ජන්කුක්...සේරම.විනාස වුණේ මං නිසා."

එයාලා හැමදේම කරේ ඔයාව සතුටු කරන්න ජිමින්...ඒ නිසා ඔහොම ආත්මාර්ථකාමියෙක් වගේ හැසිරෙන්න එපා...එයාලා හැමෝම ඔයාට ආදරෙයි...ජිමින්ගෙ හිත කෑ ගහලා එහෙම කියද්දි තවත් මොහොතකටවත් ප්‍රමාද නොවී ජිමින් කෙළින්ම ආවේ ටේහ්‍යුන් ළගට.

YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎Where stories live. Discover now