අපාට්මන්ට් එකේ ඩෝ එකත් ලොක් කරලා එළියට බැස්ස මම කෙළින්ම ගියේ කාර් එක පාක් කරපු තැනට..
හිතුවා වගේම ජිමින් කාර් එක ළගට වෙලා අත් දෙකත් බැදගෙනම තරහින් පුපුර පුපුර එහාට මෙහාට ඇවිදින ගමන් හිටියේ..
මං කාර් එකට නැගලා ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා එයාට නගින්න එහා පැත්තේ ඩෝ එක ඕපන් කරත්..එයා කාර් එකට නගින්නේ නැතුව හිටගෙනම හිටියා..
මමත් ආයෙම බැහැලා ගිහින් එයාව සීට් එකෙන් වාඩි කරවලා..සීට් බෙල්ට් දාන්න එයාගෙ දිහාවට නැමුණා..
මන් එයාට ළං වෙනවත් එක්කම එයා රතු වේගෙන එනවා දැකලා මට ලාවට හිනාවක් ගියා..
ඊට පස්සේ කෙළින්ම ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා මං ජිමින් දිහා බැලුවා..
"චිම් ඔයා කැමති නැත්නම් මම ආයෙ ඒ වගේ මෝඩ විහිළු නොකර ඉන්නම්.."මං එයාගෙ ඔළුව අතගාන ගමන් කිව්වා..
"ඒකට කමක් නෑ කුකී...ඔයා කිව්ව එක..ඒක අනික..ඒක වෙන්න තියන දෙයක් නේ..මට එවෙලෙ චුට්ටක් විතර තරහා ගියා..එච්චරයි"
"ශ්..."මං ජිමින්ගෙ තොල් දෙක උඩින් පුංචි හාද්දක් තිබ්බා..
"තව එක වචනයක්වත් කියන්න එපා..ආයෙ මං එහෙම කියන් නෑ"
"යා...මම කිව්වෙ නෑනෙ ආයෙ නොකිය ඉන්න කියලා.."
"බේබි....ඒ කියන්නේ ඔයා..."
"ඔව් ඔව්..ඔයාට ඕනෙ එකක් කියන්න.." ජිමින් අත් දෙකත් බැදන් රව රව කියන විදියට මට හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් හිනාව තද කර ගත්තේ මේ වෙලාවෙ හිනා වුණොත් ලොකු විනාසයක් සිද්ධ වෙන බව දන්න නිසා..
චිම්ගෙ උදවුවෙන් මට ලේසියෙන්ම එයාගෙ ගෙදරට යන්න පුළුවන් වුණා..
ගේට් එක ඕපන් කරලා තිබුණ නිසා මාත් කෙළින්ම ජිමින්ගේ ගෙදරටම ඇවිත් කාර් එක පාක් කරා.
ජිමින් මාවත් එතනම දාලා කිසිම ගානක් නැතුව ගේ ඇතුළට දුවන් යන හැටි මං බලන් හිටියේ තරහෙන්...එයාට මොකද්ද ඔච්චරටම තියන හදිස්සිය! එහෙම හිත හිත මං ඇතුළට යද්දි දැක්කේ ජිමින් කවුද ගෑනු කෙනෙක්ව බදන් හුරතල් වෙවී ඉන්නෝ...මං හිතන්නේ ඒ එයාගේ ඔම්මා වෙන්න ඕන..මොකද ඒ දෙන්නටම තිබුණේ එකම විදියේ පෙනුමක්..
YOU ARE READING
YOU ARE MY ANGELʲⁱᵏᵒᵒᵏ|ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ(COMPLETED)✔︎
Fanfiction❤️A story between two hearts❤️ You are the angel of my life -JUNGKOOK - You showed me what love is -JIMIN- Jikook Short Chapters