💙 මොකද ඕයි බෙරිහන් දෙන්නේ මං තාම මෙහෙ
ඒත් එක්කම බාත්රූම් එකේ ඉඳන් එලියට ආවේ Eun-Ji....
-----------------------------------
මං ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ දැන් මාව ඇහැරවලා ගිය එකා තාමත් කොහොමද වතුර පිටින්ම ඉන්නේ කියලා.
💜 ඔයා..... තාම..... වතුර පිටින් මොකද
💙 මොකද අහන්නේ... ඔයා බෙරිහන් දෙන හින්දා මෙහෙම්මම ආවේ බලන්න
💜 එතකොට ඔයා දැන් ඇවිත් මාව ඇහැරෙව්වේ නැද්ද
💙 මොන විකාරයක්ද... මං තාම නාලා ඉවරත් නෑ ඕයි
මොකක්.... එතකොට මං හීනයක් වත්ද දැක්කේ....
නෑනේ මං ඒ වෙලාවේ ඇහැරලානේ හිටියේ😕Eun-Ji මං දිහා නිකන් අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉඳලා ආයෙත් බාත්රූම් එකට ගියා.
මේක මහ විකාරයක්නේ.....
මං හීනයක් වෙන්නැති දකින්න ඇත්තේඑහෙම හිත හදා ගත්තු මං ආයෙත් ඒකගැන කල්පනා නොකර ඉන්න තීරණය කලා.☺
................................................................................
Eun-Ji pov
ඔයාලා හෙටම school යනවා හරිද
💙 අයියෝ අප්පා....
අපි අදනේ මෙහාට ආවේ. හෙටම school යන්න ඕනිද....මම ගිහින් ඔය දෙන්නව හෙටම school එකට ඇතුලත් කරනවා. ගෙදර නිකන් ඉන්නේ මොකටද
💜 අනේ අප්පා....
හෙට විතරක් නිවාඩුවක්බෑ බෑ හෙට මමයි ඔම්මයි දෙන්නම company එකට යනවා. ඔම්මත් හෙට ගෙදර නැති නිසා ඔයාලා school යන්න.
Eun-Jeon යි මමයි හැදුවේ හෙට කොහොම හරි නිවාඩුවක් දාන්න.
අපි රෑට කෑම කන වෙලාවේ මම අප්පට කියලා බැලුවා. ඒත් හෙට ඔම්මත් නෑ කියලා school යන්නමලු😭අන්තිමට එතනින් එහාට ඒ ගැන අපි දෙන්නම මුකුත් කියන්න ගියේ නෑ. මොකද අප්පා කියන දෙයක් එයා ආයෙත් වෙනස් කරන්නේ නෑ.😑
💙 ඔහ්... ඒක නෙවෙයි ඔම්මා.
ඔම්මා ඇයි අපේ කාමරේ අපි දෙන්නගේ photo එකක් එල්ලන්නේ නැතුව චූටි බබාලා දෙන්නෙක්ගේ photo එකක් එල්ලුවේ.
YOU ARE READING
Ghost Twins | Completed |
Horrorඔයාලා හොල්මන් විශ්වාස කරනවද👻 බැරිවෙලාවත් හොල්මන් ඩබලක්ම එකපාර ආවොත් මොනව වෙයිද😞