💙 ඔයාට පිස්සු. පොත් වල තියෙන විදියටම මේ දේවල් වෙනවා නම් මොනවා කරන්න බැරිද. හොල්මන් එක්ක එක එක විකාර කරන්න මට පිස්සු නෑ.
Eun-Ji එහෙම කියලා ඉවර වෙනවත් එක්කම බිත්තියේ එල්ලලා තිබුණු අපි දෙන්නගේ photo එකක් එකපාරටම බිම වැටිලා වීදුරු කෑලි හැම තැනම විසික් වෙලා ගියා.
___________________________________
💙 එයාලා ඇවිත්. අනේ jeon මට බයයි. මට බයයි. මට මෙහෙන් යන්න ඕනි. මං කිව්වා මෙහාට එන්න බෑ කියලා.
💜 ඔක්කොටම කලින් සන්සුන් වෙන්න Eun-Ji. කෑ ගහන්න එපා.
💙 මොනාද තවත් සන්සුන් වෙන්න කියන්නේ. මට වෙලාවකට හිතෙනවා තමුසෙත් හොල්මනක්ද කියලා.
💜 විකාර කියවන්නේ නැතුව ඉන්නවා හලෝ.
ඒත් එක්කම තවත් photo එකක් බිම වැටිලා කෑලි කෑලි වෙලා ගියා.
💜 ඕක නවත්තන්න. Please.....
මට ඕනි ඔයාලත් එක්ක කතා කරන්න.පුළුවන්ද....
උත්තරයක් නෑ. එයාලා දැන් මෙතන නැද්ද.😕
නෑ. එයාලා ඉන්නවා. මට ඒක තේරෙනවා.
💜 මට ඔයාලට කතා කරන්න ඕනි.
💙 ඕක නවත්තනවා. මොන විකාර වැඩක්ද ඔයා ඔය කරන්නේ.
💜 ඔයා කටවහගෙන ඉන්න.
Eun-Ji මටත් ඔරවලා අනිත් පැත්ත හැරුණා.
💜 මට පුළුවන් වෙයි ඔයාලට උදව් කරන්න.
ඒත් එක්කම හයියෙන් ආපු හුලඟක් නිසා අපේ කාමරේ ජනේලේ ඇරුණා. ඒ හුලඟට අනිත් photo ටිකත් බිම වැටිලා කෑලි කෑලි වෙලා ගියා. මම යන්තම් දැක්කා සුදුපාට දුමක් වගේ දෙයක් අපේ කාමරේ ඉඳලා ජනේලෙන් එලියට යනවා.
එයාලා ගියා
එයාලට ඕනි නැහැ මාත් එක්ක කතා කරන්න. ඒත් මේ වෙලාවේ එයාලා අපිට මුකුත් කරන්නේ නැතුව ගියේ....
එයාලා ආයෙත් අපිට කරදර කරන එකක් නැද්ද.💜 Eun-Ji අපි නිදාගමු.
ඇත්තටම මේ වෙනකම් Eun-Ji හිටියේ මගේ ඇඳේ. මහලොකුවට කතා කලාට ඕකි බයයි.😂
YOU ARE READING
Ghost Twins | Completed |
Horrorඔයාලා හොල්මන් විශ්වාස කරනවද👻 බැරිවෙලාවත් හොල්මන් ඩබලක්ම එකපාර ආවොත් මොනව වෙයිද😞