Chapter 9 👻

634 153 65
                                    

Eun-Jeon's pov

Eun-Jeon....
Eun-Ji.....
කෑම කන්න පහලට එන්න.

💜  ඔම්මා කතා කරනවා. අපි යමු. මට බඩගිනිත් එක්ක.

💙  අනේ මට දැන් හැමවෙලේම බයයි jeon. මට හිතෙනවා එයාලා අපි දිහා බලාගෙනයි ඉන්නේ කියලා.

💜  හිතන්න එපා. මං ඉන්නවනේ. එනවකෝ දැන්.

අපි දෙන්නා අත් දෙකත් අල්ලගෙන පහලට යන්න ගියා. මගේ කකුල් ඉඳන් රිදෙනවා හරියට ඇවිදින්නවත් බෑ. ඒත් ඔම්මලට පෙන්නුවේ නෑ අපි අමාරුවෙන් කියලා. Eun-Ji මගේ අත තද කරගෙන හිටියා.

ඔයාලාට දැන් හොඳයි නේද

💜  දේ ඔම්මා. දැන් හොඳයි.

වාඩිවෙන්න. මං කෑම ටික අරගෙන එන්නම්.

🌼  ඔන්නි එන්නකෝ. මෙතෙන්ට එන්නකෝ.

අර පොඩි එකා අපි දෙන්නට කතා කරනවා එයා ගාවට එන්නයි කියලා. වෙන වෙලාවක නම් ඒකා ඉන්න පැත්ත පලාතක ඉන්නේ නෑ. ඒත් අද එයා අපි දෙන්නව බේර ගත්තනේ කියලා Eun-Ji යි මමයි ගිහින් එයා ගාවින් වාඩි වුණා.

තවත් විනාඩි පහකින් විතර ඔම්මයි ඉමෝයි කෑම ටික මේසෙට ගෙනාවා. කෑම ටික දැක්කාමනම් මේ වෙන දේවල් ඔක්කෝම අමතක වෙනවා😁

💜  කෝ ඔම්මා අප්පා

අප්පට හදිසියේම company එකට යන්න වුණා.

💙  එතකොට දැන් අප්පා කන්න එන්නේ නැද්ද

ම්ම්ම්... එයා එන්න පරක්කු වෙයි ටිකක්. ඔයාලා කන්නකෝ

💜  මං හිතුවේ මෙහාට ආවහමවත් අප්පට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා

ඔයාලා හිතපු දේ නම් සම්පූර්ණයෙන්ම වැරදියි.

💙 ඒ මොකද ඔම්මා.

මං කිව්වේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා කියලා. මතකද?

💜  දේ ඔම්මා. මොකක්ද කියන්න තියෙන්නේ

මේකයි. අනිද්දට අප්පටයි මටයි business වැඩකට ඩේගු වලට යන්න වෙනවා.

💙  මොහ්.... ඔම්මයි අප්පයි දෙන්නම

💜  ඔම්මා අපි තනියෙන්නේ

Ghost Twins | Completed |Where stories live. Discover now