Chapter 6 👻

676 166 114
                                    

මම ගිහින් බලනකොට එතන තිබ්බේ තුනට හතරට නවපු කොලයක්.
Eun-Jeon ත් මං ගාවට ආවා මොකක්ද කියලා බලන්න.

මං කඩදාසිය දිග ඇරලා බැලුවා. ඒකේ ලියලා තිබ්බේ..........

                     'විශ්වාස කරන්න'
_____________________________________

Eun-Ji's pov

💜  මේ මොකක්ද මේ කොලේ
'විශ්වාස කරන්න'
මොනවද?

💙  මම දන්නේ කොහොමද මමත් දැනුයි මේක දැක්කේ

💜  Eun-Ji....
මේක ඔයාගේ මෝඩ විහිලුවක් නේද
අද hana කියපු දේවල් එක්ක මාව බය කරන්න නේද ඔයා මේ කොලේ මෙතනින් තිබ්බේ මෙහෙම ලියලා

💙  පිස්සුද මම ඒවගේ ගොන් විහිලු කරන්නේ නෑ.
මේක කිසි තේරුමක් නැති කොලයක්

💜  හරි එහෙනම් මේක වැඩක් නෑ.

එහෙම කියලා Eun-Jeon ඒ කොලේ පොඩි කරලා ජනේලෙන් එලියට විසික් කරලා දැම්මා.

ඊට පස්සේ අපි දෙන්නත් එක්කම පහලට ඇවිත් ඔම්මා හදල ගිහිල්ලා තිබ්බ කෑම ටිකත් කාලා අපි දෙන්නා ආයෙත් උඩට ආවේ ලෙමන් ජූස් ටිකකුත් හදාගෙනමයි.

මම පොත් ටිකත් මේසෙ උඩින් තියාගෙන ඉස්කෝලේ වැඩ කරන කොට Eun-Jeon පොතක් ගත්තේ කියවන්න.
ඇත්තම කිව්වොත් පොත් කියවනකොට එයාට මෙලෝ සිහියක් නෑ.

එයා බීම එකත් බිබීම පොත කියවන්න පටන් ගත්තා. පැයකට විතර පස්සේ මම Eun-Jeonට කතා කලා.

💙  ඒයි.... අද ඔම්මලා එන්න පරක්කු වෙනවද

💜  හ්ම්ම්...

💙  ඔයාට කිව්වද එන්නේ කීයට විතරද කියලා

💜  හ්ම්ම්...

💙  කීයටද එනවා කිව්වේ

💜  හ්ම්ම්...  😂😂

මේකි ඉන්නේ පොත ඇතුලේ. මේ ලෝකෙ සිහියක් නෑ.

💙  තමුන්ව දැන්ම මේ ලෝකෙට ගන්න බැරිවෙයි. ඔය පොත කියවලා ඉවර වෙලා මට කියනවකෝ😑😑

💜  හ්ම්ම්...

💙  මම ගිහින් කන්න මොනාහරි හදන් එන්නම්

Ghost Twins | Completed |Where stories live. Discover now