Chapter 5 👻

667 156 59
                                    

🌸  එන්න.... මගෙත් එක්ක

අපි දෙන්නම එයාත් එක්කම ගියා.

___________________________________

Still Eun-Ji 's pov

එයා අපිව පන්තියට එක්කගෙන යනකනුත් වටේ පිටේ ඉන්න ඔක්කොම අපි දිහා බලනවා. ලමයි විතරක් නම් කමක් නෑ. ටීචර්ස්ලා පවා අපි දිහා බලනවා.

වටේ පිටේ දේවල් අමතක කරලා අපිව එක්කගෙන යන කෙනා එක්ක මං පොඩ්ඩක් කතා කලා.

💙  Hi.....
අඅඅ.... ඔයාගේ නම hana නේද

🌸   ඔව් මම hana

💙  අහ්....
මම Eun-Ji. මේ මගේ අක්කා Eun-Jeon

🌸  අඳුරගන්න ලැබීම සතුටක්

එයා කතා කරන්නේ අපි දිහාවත් නොබලා. මේ ඉස්කෝලේ ඉන්න අයට මොනවා වෙලාද මන්දා😕

🌸  මේක තමයි අපේ පන්තිය

එයා class එක ඇතුලට යනකොටම අපි දෙන්නත් එයත් එක්කම ගියා.
එක එක දේවල් කර කර හිටපු ලමයි හැමෝම අපි දිහා බලපු ගමන් බය වුණු විදිය දැකලා මමයි Eun-Jeonයි මූණට මූණ බලාගත්තා.

🌸  ඔයාලා.... ගිහින්... වාඩිවෙන්න.
තව ටිකකින්... මි... මිස් එයි.

අපි දෙන්නා ගිහින් වාඩිවුණා. ලමයි අපි දිහා බලාගෙන මොනවද මන්දා රහසින් කතා කරනවා. එක්කෝ හොරෙන් බලනවා.
මේ දේවල් නිසා මම වගේම Eun-Jeonත් ඉන්නේ අපහසුවෙන් කියලා මට තේරුණා.

මෙහෙ ඉන්න එකනම් දැන් මට එපා වෙයි වගේ

💜  ඒයි.... Eun-Ji....
බලනවකෝ... ඇයි මේ මෙයාලා ඔක්කොම අපි දිහා බලන් ඉන්නේ බයෙන්

💙  මං දන්නෙත් ඔයා දන්න ටිකම තමා

අපිව එක්කරගෙන ආපු hana වත් වටකරගෙන  ලමයි මොනවද කතා වෙනවා.
අන්තිමට hana  තවත්  කෙනෙක් එක්ක අපි හිටපු තැනට ආවා.

🌸  අඅඅ.... මේ ඉන්නේ Mi-Soo

එයා මුලින්ම එයත් එක්ක ආව කෙනාව අපිට අඳුන්වලා දුන්නා.

🌸  අපි දන්නවා. මෙහෙම ඔයාලාව දකින දකින කට්ටිය අමතු විදියට බලන්නේ ඇයි කියලනේ ඔයාලත් පුදුම වෙලා බලන් ඉන්නේ.

Ghost Twins | Completed |Where stories live. Discover now