Chapter 4

691 171 57
                                    

හෙට උදේ school යන්න ඕනි😣😣

💙💜 Good Night ඔම්මා
Good Night අප්පා

___________________________________

Eun-Jeon's pov

Eun-Jeon........
Eun-Ji......
ඉක්මනට නැගිටින්න

මම කිව්වේ. ඔයාලාව නැගිට්ටවන එක තරම් අමාරු වැඩක් තවත් නැතුව ඇති.
නැගිටින්න..........🔊🔊🔊🔊

💙 අනේ ඔම්මා...
තව විනාඩි පහක් please

දැන් විනාඩි පහ කිය කිය කොච්චර වෙලා නිදිද
අනේ ඇත්තට අවුරුදු පහලවක ලමයි වෙලා තාමත් මං බෙරිහන් දෙන්න ඕනි.

💜 අනේ ඔම්මා නිදා ගන්න වයස අදාල නෑ

හොඳ හිතින් නැගිටින්නයි කිව්වේ
මටත් පරක්කු වෙනවා

කොහොමත් ඔම්මා කෑ ගහන විදියට අපිට තවත් නිදා ගන්න බැරිවුණා. Eun-Ji නැගිටලා බාත්රූම් එකට යනකොට ඔම්මා මගේ ඇඳ ගාවට එනවා මං යන්තමට දැක්කා.

Eun-Jeon.....
ආයෙත් කියන්නේ නෑ. නැගිටිනවා ඉක්මනට.

ඒ පාර මාත් වැනි වැනී නැගිට්ටා. දැන් ඔම්මා මාව බාත්රූම් එක ගාව තියාගෙන බලන් ඉන්නවා Eun-Ji එනකම්.

විනාඩි පහයි.
විනාඩි දහයයි.
විනාඩි විස්සයි.

ම්හ්... බාත්රූම් එකේ වතුර වැටෙන සද්දේ විතරයි ඇහෙන්නේ.

Eun-Ji......
Eun-Ji......

ඔම්මට බලන් ඉඳලම ඇති වෙලා කතා කලා. ඒත් කිසිම සද්දයක් නෑ. අන්තිමට ඔම්මා බාත්රූම් එකේ දොර ඇරලා බැලුවා.

😂😂😂😂😂

යකූ මේකි...
ෂවර් එකත් ඇරගෙන ඒක යටට වෙලා හොඳට නිදි. වතුර වැටෙනකොටවත් මේකිට ඇහැරෙන්නේ නැද්ද.

නින්දේ හොඳකම තමා ඉතිම්...

ඔව් මේ අවස්ථාවේදී ඔම්මගේ මූණ බලන්න ලස්සනයි.

Eun-Ji 🔊🔊🔊🔊

ඔම්මගේ සද්දෙට Eun-Ji උඩ ගිහින් ඇහැරුණා.

💙 ඔම්මා.....
අහ්... මේ ඔම්මනේ මම බය වුණු තරමක්. ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා.

Ghost Twins | Completed |Where stories live. Discover now