Chapter 14 👻

601 137 199
                                    

🐰🐯  හරි අපි..... උදව් කරන්නම්.

___________________________________

Eun-Ji's pov

🐨  මේ කරන දේ ගැන ඔයාලා හතර දෙනාට හොඳටම විශ්වාසයිනේ

💙  මං නෑ.... මං කලින්ම කිව්වනේ
මට මේක ගැන විශ්වාසයක් නෑ

💜  එයාට විශ්වාස නැති උනාට අපි තුන්දෙනාට මේක විශ්වාසයි.

Jeon එහෙම කියනකොට මම කලේ දිව දික් කරපු එක. මේකෙන් අපි කට්ටියටම වුණත් කරදරයක් වෙන්න බැරි නෑ.

🐨  හරි එහෙනම් පටන් ගන්න.

අපි ඔක්කොම කට්ටිය එක තැනක බිම රවුමට වගේ වාඩි වෙලා හිටියේ. මම Jeon යි Soo-Yun ඔන්නියි මැද්දෙන් වාඩි වෙලා හිටියේ. කොච්චර පණ්ඩිතකම් කියෙව්වත් මම Jeon ට වඩා බයයි.

ජුනී ඔප්පා කියනවත් එක්කම ටේයි කුකියයි එයාලට කතා කලා.

🐯  Ji-Su.....
Ji-Ya.....
ඔයාලා අපි ඉස්සරහට එනවද...
මටයි කුකීටයි ඔයාලා එක්ක කතා කරන්න ඕනි.

🐰  Ji-Ya  ඔයා ඔයාගේ කුකී ඔප්පා කියන දේ අහනවා නේද. මට ඔයත් එක්ක කතා කරන්න ඕනි.

🐯  Ji-Su........
Ji-Ya......
අපි දන්නවා ඔයාලා අපි ලඟ ඉන්නවා කියලා.
.
.
.
.
.
.

🐰  එයාලා මෙතන නැද්ද

💜  නෑ එයාලා ඉන්නවා අනිවාර්යයෙන්ම මං දන්නවා. ආයෙත් කතා කරන්න.

🐯  Ji-Su...... අනේ නංගිත් එක්ක එන්නකෝ.

එකපාරට සුදුපාට මීදුමක් වගේ ඇවිත් අපිව වට කරගත්තා. අපි එක්කෙනාට එක්කෙනා පේන්නේ නැතුව ගියා. Jeon මගේ අත තද කරලා අල්ල ගත්තා.

                              ඔප්පා

ඒ කටහඬ අඳුරගන්න මටයි Jeonටයි නම් වැඩි වෙලාවක් ගියේ නෑ. වෙනදට අහන් ඉන්න බෑ වගේ දැනුණු ඒ කටහඬේ අද තියෙන්නේ අමුතුම නිවිච්ච ගතියක්.

                               ඔප්පා

🐰  Ji-Su   Ji-Ya ඔයාලා ඇත්තටම ඉන්නවා.

ටිකෙන් ටික මීදුම එක තැනකට ගුලි වුණා. අන්තිමට එතන හිටියේ එයාලා.
Ji-Suයි Ji-Yaයි. අපි එදා කාමරේදී දැක්ක විදියටම.

Ghost Twins | Completed |Where stories live. Discover now