"ඒත් .......මට යන්න බැහැ.....බැ......බෑ බෑ........මට කසාද බදින්න බෑ......රාජදානිය බාරගන්න බෑ.........පොඩ්ඩක් මාව තේරුම්ගන්න......මට ඕන රාජ්‍ය ආරක්ශා කරන්න මිසක් සිංහාසනේ ඉන්න නෙමේ..මම පුහුනු උනේ ඒකට .."
මම කිව්වේ කඩුවෙන් ලග තිබ්බ මල් පෝච්චිය කුඩු කරන ගමන්....මාව තේරුම් ගන්න එයාලට බැහැ....තාම මගේ වයස දහ අටයි..මට කසාද බදින්න බැහැ..
"යූරා.....ඒත් තේරුම් ගන්න...ඔයාට කසාද බදින්න කෙනෙක් නැති නිසා ඔයාට අනිවාරෙන් ලොන්ස්ට්රෝන් ග්‍රහලෝකේ කුමාරයව බදින්න වෙනවා"
"ඒත්....."
"ලබන සතියේ කසාදේ සිද්ද වෙයි....එච්චරයි...."
තාත්තා අවසන් තිරනේ කිව්වා.... 😠 මම හැමදාම වගේ බඩු මුට්ටු පෙරලලා කාමරේට ගිහින් දොර වහ ගත්තේ දොර ගැලවෙන්න තරම් සද්දෙන්.....
මම කවුද කියලාද හිතන්නේ......😁
මම යූරා....යූරා ශැයෝන්.....මෙන්ටරිල්වල කුමාරිකාව..මෙන්ටරිල් කියන්නේ ග්‍රහලෝකයක්....තාක්ශනයේ දියුනුව එක්ක අතීතය රැකගත්ත ග්‍රහලෝක දෙකෙන් එකක්....අනික තමා ලොන්ස්ට්රෝන් ......මට එහේ වැඩිමල් කුමාරයා මංගල යෝජනාවක් ගෙනත්......මට තාම දහ අටයි..දැන්ම කසාද බදින්න මට බෑ.....අනික මම නින්ජා කෙනෙක්..මම ඒ සටන් ශිල්පය ඉගන ගත්තේ අවුරුදු දහ අටක් උන ගමන් කසාදයක් බැදගෙන රාජ්‍ය පාලනය කරන්න නෙමෙයි......රාජ්‍ය ආරක්ශා කරන්න...ආයිශ්..මට දැන් මේ මාලිගාව......ග්‍රහලෝකෙම එපා වෙලා.....
ටක්.......ටක්.....
දොරට තට්ටු කරන සද්දයක් ආවා..
"එන්න......"
දොර ඇරන් කවුරු හරි එන සද්දෙ මට ඇහුනා.......
"මොකො.." ආපු කෙනා මගේ ලගින් වාඩි උනා..මම ඇදේ දිගා වෙලා හිටිය නිසා එයාගේ මූන දැක්කෙ නෑ.....ඒත් මම දන්නවා එයාව...
මගේ කාමරේට එන්න අයිතිය තිබ්බේ එක පිරිමියෙක්ට විතරයි..මාව මේ ලෝකේ තේරුම්ගත්ත එකම කෙනා...මගේ අයියා.....එයා තමා රාජ්යේ ආරක්ශාව බලන්නේ......ඊලග රජතුමා......එයාට වයස 20 නම චාල්ස්
"තාත්තා මාව බන්දන්න යනවා...."
"දහ අටෙන්..???"
"😒 ඔව්..ග්‍රහලෝක දෙක හොද මිත්‍රයෝ වෙන්න ඕනලු..ඒකට මාව එහේ කුමාරයට දෙන්න ඕනලු.."
"🙄 අපොයි.."
" විහිලු නෙමේ අයියේ......මට බදින්න බැහැ..."
"පැනලා යන්න...."
"😒 බෑනෙ..මාලිගාවෙන් ගියාට වැඩක් නෑ...ග්‍රහලෝකෙ හැමෝම මාව දන්නවා.."
"මාලිගාවෙන් නෙමේ මෝඩියේ"
"ලොන්ස්ට්රෝන් වලටද....."
"පෘතුවියට...."
" ඒ කොහෙද....."
"ග්‍රහලෝකයක්.....විනාශකාරි ලෙස දියුනු වෙමින් පවතින එකක්....."
"විනාශකාරී????"
"ආ......ඒවා වැඩක් නෑ...ඔයා කැමතිද....."
මට තේරුනා අයියා හදන්නෙ මාව බේර ගන්න කියලා....මාව බන්දනවට එයා කැමති නෑ...මම දුකින් ඉන්නවටත් එයා කැමති නෑ.....
"හරි අයියේ......."
"රෑ දහයට ජෙට් එකකින් කෙලින්ම පෘතුවියට යන්න..දකුනු පැත්තෙ පලවෙනි ජෙට් එක..මම ඒකට අවශ්‍ය දත්ත ඇතුලු කරන්නම්".
😁 හී...කොහොමද...
මේක ටිකක් අමුතු කතාවක් වෙයි.
හොද නම් කියවන්න
හොද නැත්තම් මට අඩු පාඩු කියන්න.....
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????