ඩැනී මාව ඇදන් ඇවිත් නැවතුනේ ඔෆිස් එකේ ගාඩ්න් එකේ...එහේ තිබ්බේ කෘතිමව හදපු ගස්...අසාර්ත ඒවා...ඒ ගස් පැය විසි හතරයි තියෙන්නෙ ඒ නිසා දවසට පාරක් ඒවා අයින් කරනවා...
🦄 මොකො මාව ඇදන් ආවේ...
🐺 අරූ අයියා ඉස්සරහ මගෙ නම්බුව කයි කියලා..
🦄 මම හිතුවා මම එයා එක්ක කතා කරනවට අකමැති නිසා කියලා...
🐺 ආහ්..නෑ...ඒත් ඔයා එයා එක්ක වැඩිය කතා කරන්න එපා..බෝයිෆ්‍රෙන් උනත් කැමති වෙන එකක් නෑ...
😒 ඒ උලමා ඒ ටිකට මාව මගෙම අයියට ජෝඩු කරලා....ඉරිසියාව..
🦄 ඒ මගේ යාලුවෙක් විතරයි..
🐺 හාකො..හාකෝ...
🦀 ඩෑනියෝ....
කොහෙන්ද පාත් උන කෙවින් ඩැනීගේ කරට අත දා ගත්ත....
🐺 ආහ්..කෙවිනා..මේ යූරා...ඔයාට අදුන්වලා දුන්නනෙ අයියා..
🦀 යාහ්..ඒත් වැඩිය කතා කරන්න උනේ නෑනේ.....ඉතින් යූරා මම කෙවින්...
කෙවින් මට අතට අත දුන්නා...එයාගේ කටහඩ දගකාර උනත් ඩැනියාගේ වගේ නොසන්සුන් නෑ....මේ අර ශැඩෝව්ද කියලා සාදාරන සැකයක් මගේ හිතේ පැලපදියම් උනා...
🦄 හායි..
🐺 ආ..තව ටිකෙන් අමතක වෙනවා...ඔයාලාට තියෙන්නෙ හොද ගන් එකක් හදන්න...මේ යුද්දෙට හරියන ...නගරාදිපතිගේ ඉල්ලීමක්..
🦄🦀 ගන් එකක්...
🦄 ඩැනි...මම ඒවා හදන්න ආස නෑ...
🐺 මාත් ආස නෑ ඔයා ඒවා හදනවට....ඒත් අයියනේ මේක පාලනේ කරන්නෙ....
🦀 උබලා දෙන්නාගෙන් දෙයක් අහන්නද...
🐺 අහපම්..
🦀 තරහා වෙන්න බෑ..
🐺 හා...හා...බං..
🦀 🤔 ඔය දෙන්නා කපල් එකක්ද...
😂😂😂 ඒකට නම් මායි ඩැනියයි බඩත් අල්ලන් හිනා උනා...කෙවින් කට යාරයක් ඇරන් බලන් ඉන්නවා...ඩැනී හිනාව නතර කරන් කතා කරා...
🐺 මේ පිස්සු කරත්තෙට කර ගහන්න මම...😂
ඒක කිව්වෙ ඩැනීද...නැත්තම් එයාට පිටිපස්සෙ හිටිය කෙනෙක්ද කියලා මට හිතුනා...එයා අමූතුවට කිව්වේ...අනේ මන්දා මේකා...
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????