හොදටම හවස් වෙලා...ඩැනී එක්ක කයිය ගගහා හිටිය නිසා මට ටිකක් පරක්කු උනා...ඔරලෝසුවෙ වෙලාව 8.35 කියලා සටහන් වෙද්දි මම හිටියේ ගෙදරට ගොඩක් දුරින් කියාත් නෑ...මම ඉබ්බි වගේ ගාට ගාට ඉස්සරහට ගියා......වටේම ගොඩනැගිලි...එකපාර මට ඇහුනේ කවුරු හරි මුමුනන සද්දයක්...සතෙක් වෙන්න බෑ...මොකද දැන් මෙහේ සත්තු නෑ....ඔක්කොම ඉන්නෙ සත්තු වත්තේ බල්ලො පවා......මම ලගම තිබ්බ කනුවට මුවා උනා...ඒ ලෝන්ස්ට්‍රෝන් වල අය වෙන්න ඕන...මේ රෑ වෙන කවුද...මම ගොඩනැගිලි අස්සෙන් ලා කහ පාට එලියක් දැක්කා....
🐺 යූරා...යූරා...
ඒ අස්සෙන් ආවේ ඩැනී...මේකා මගෙ පෙශර් වැඩි කරවනවා...මමත් හැංගිලා හිටිය තැනින් ආවා..
🐺 මොකො..බයේද හැංගුනේ....
🦄 වැඩේමනේ....
🐺 එහෙනම් හැන්ගුනේ...
🦄 මම හිතුවේ බේබද්දෙක් කියලා.....
🐺 අපෝ...බියර් එකක්වත් බීලා නැති මට ඔහොම කියන්න එපා ...
🤔 මුට මොකක් වෙලාද...වෙනදාට නම් අම්මෝ මොනාද යකෝ කියවන්නේ....කියලා ඔඅටන් අරන් කුනුහරපෙකුත් කියලා තමා නවත්තන්නේ....කුනු හරප කියන්නේ ටිකක් දරුනු වචන...මගේ අසරන ඒලියන් මොලගෙඩියට දරා ගන්න සුට්ට්ටක් අමාරු ඒවා...
🦄 මොකො මේ රෑ...කෙල්ලෙක් බලන්න ගියාද...😋😋
🐺 මම ඔයාව ගිහිම් දාන්න ආවේ...
🦄 හෑ....😒😒 අනෙප්පල..
🐺 😒 ඇත්ත කිව්වේ...
🦄 ඒ තරම් මම ගැන හිතනවද...
🐺 අ...අ...ආදරේටනේ...
🦄 😒 අනේ තමුසෙගෙ ආදරේ...මම කියන්නෙ නෑ.... 😭 හම්බුනු පලවෙනි දවසෙම මගෙ අයිස් කිරිමට විද්දා.....
🐺 තාම මතකද....
🦄 😒 ඒවා අමතක වෙන්නෙ නෑ කොම්ලෝ...
ඩැනී මගේ කරට අත දා ගත්තා..මාත් ඩැනියාගේ කරට අත දා ගත්තා...අපි දෙන්නා වැනි වැනී ගෙදර දෙසට පියනැගුවා...😂 මොකෙක් හරි දැක්කොත් හිතයි අපි බීපු කපල් එකක් කියලා...මායි ඩැනියයි මොන්ගල් කතා කියෝ කියෝ ආවා....
🐺 මේ...ඇත්තට ඇයි ඔයා එදා අයිස් කකා මහ පාරේ හිටියේ...
🦄 😋නිකාම්....
🐺 තමුසෙ නම් පිස්සු කෝච්චියක්...
🦄 😂 ඔයා තමා කෝච්චි පෙට්ටිය...කියා ඩ්‍රයිවර්.....
🐺 නෑ.....මම ඩ්‍රයිවර්...
🦄 😒 බොට එලවන්න දුන්නොත් හොදට තියෙයි....
🐺 නරකට හිටීද....
🦄 😒 කෝච්චිය කුඩු පට්ටං වෙයි...
🐺 අපි එහෙනම් රක්ශනයක් දාමු..
🦄 රේල් පාරක්...
🐺 අපි හදමු...රේල් පාරක් බැයිනම් රේල්වේ ස්ටේශන් එකක්...
🦄 පට්ටනේ...
🐺 එහෙම තමා බං අපි...
🦄 😂 උබේ කෙල්ල පව්...
🐺 කවුද....
🦄 ඒක දන්නේ නෑ...හැබැයි උබ කාට හරි කැමැත්තෙන් වගේ ඉන්නේ...
🐺 ආ.මේ...
🦄 කියාද....
🐺 පිස්සුද ...
🦄 ලුසීද...
🐺 😂 ඒකිට කැමති වෙනවට හොදා සොම්බියෙක් බදින එක...
🦄 අඩෝ...සොම්බියෙක් හරි බොම්බියෙක් හරි මට වෙඩිම කියහන්...
🐺 අ..ම්..ඔයාට කොහොමත් එන්න වෙයි...
🦄 😋 ඉන්වයිට් නොකරත් එනෝ..
🐺 ම්හ්..ඔයාට බෝයි කෙනෙක් නෑ....
🦄 පිස්සුද...ඉන්නවනම් උබලා දන්නෝනෙ...
🐺 ඕ..නේ.
😂 අපි දෙන්නා රේල්පීලී හද හද මගුල් කපු කම් කර කර කපල් එකක් වගේ ගෙදරට බඩ ගෑවා....
කිරි මුත්තට යක්කු පැනපි...ගේ ඉස්සරහ ඉන්න කෙනා දැක්ක ගමන් ඩැනීගේ කරේ තිබ්බ මගේ අත අයින් උනා....ඩැනීයත් කට අක්කයක් කරන් ඉන්නවා....මට මොනා කරන්නද හිතා ගන්න බෑ...
😋 කවුද දන්නෙ නෑ ආවෙ..
කවුරු කියලද හිතන්නේ
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????