සතියක් ඔහේ ගෙවිලා ගියා...ලියෝන්ව නම් මම දැක්කෙම නෑ....ලොන්ස්ට්රොන්ල අපිට දුන්න කාලේ ඉවර වෙන්න ලග නිසා අපි ගොඩක් කාර්ය බහුල උනා....මට ඩැනී කියා දෙන්නව නිතරම මග ඇරුනත් කෙවින්ට තවත් ලන් උනා....ඒ අස්සේ ශැඩොව් එක්ක හොද හොද සටන් කීපයක්ම කරා....ශැඩෝ මට කිව්වා තව සතියකින් ලොන්ස්ට්රොන්ල නගරේ බල මූලාශ්රෙට පහර දෙනවා කියලා...එයා කොහොම දැන ගත්තද මන්දා...
සතියකට පස්සෙ නිවාඩු ලැබුන නිසා මම ලැප් එකත් අරන් ඇදට පැන්නා...ඊයේ කියා කිව්වා නගරෙට අලුත් ආරක්ශකයෝ දෙන්නෙක් ඇවිත් නගරාදිපතිත් බේරන් කියලා....ඒ කේස් එකෙන් සතියකටත් වැඩි උනත් ඒක තාම උනු කැවුම් වගේ ප්රවෘත්තියක්...
ලැප් එක ඔන් කරලා හොට් නිවුස් දැකපු ගමන් මම ඇදෙන් වැටුනේ පොලෝ මාතාව ආදරෙන් කිස් කරන ගමන්...මම ඇස් පිහදාලා ආය ලැප් එකේ ස්ක්රීන් එක දිහා බැලුවා...
නගරාදිපතිතුමන්ගේ ජීවිතය බේරා ගත් අද්භූත තරුනයින් දෙදෙනා ගැන තරුනියන් විමසිල්ලෙන්...
"ඔවුන් දෙදෙනාම තරුනයින්" නගරාදිපති කියයි..
"ඒ තරනයින් දෙදෙනාව අපි විවාහ කරගත්තොත් නගරය ආරක්ශිතයි...අපි ඔවුන්ට කැමතියි " නගරාදිපතිගෙ වැඩිමල් දියනිය චෙන්සාගෙන් වීරයින්ට මංගල යෝජනා...
සන්සාරේ....කොහොමද යකෝ මම ගෑනියෙක් බදින්නේ...නගරාදිපතියගෙ දුවට මොන්ගල් 😒😒😒
නින්ජා ගැන ගූගල් සර්ච් පාරක් ගහමු බලන්න.....බුදාම්මියෝ....මේ සතියට නින්ජලා ගැන සර්ච් කරපු 126 7909 වෙනියා මම....අවුරුදු ගානකින් තමා මිනිස්සු නින්ජලා ගැන හොයන්න අරන් තියෙන්නේ....නින්ජලාගෙන් පැවතගෙන එන හැම පවුලක් ගැනම මාද්යවේදින් හෙව්වත් ඒ ඔක්කොම නින්ජා කලාව අත ඇරලා දාලා තිබ්බා...එක අතකට නින්ජා සටන් කලාවේ මව්බිමේ ඒ සටන් කලාව නෑ කියන එක නම් සෝකාන්තයක්....අපිට නින්ජා කලාව ලැබුනේ ක්ලෝසේර් කියන රජතුමාගෙන් එයාගේ යානෙට අනතුරක් වෙලා පෘතුවියට වැටුනු වෙලාවේ එයාව මංකොල්ලකාරයෝ මංකොල්ල කන්න යද්දි නින්ජා කෙල්ලෙක් තමා බේරන් තියෙන්නේ...ඊට පස්සෙ දෙන්නා ආදරෙ කරලා මෙන්ටරිල් වලට ඇවිත් එදා ඉදන් අපිට ඒ සටන් කලාව පුරුදු කලා...ක්ලෝසේර්ගෙ ජීවිතේ බේරුනෙ ඒ නිසයි...
YOU ARE READING
NINJA GIRL✔️✔️
Short Storyතාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????