part 08

165 36 8
                                    

" ටේ"
ඔව් ඇවිදින් හිටියේ වෙන කවුරුත් නෙමේ හැම තප්පරේකම මගෙ හිත බලාපොරොත්තු වෙන කෙනා..හැබැයි වෙනදට වඩා වෙනසක් අද ටේගෙ මුහුණේ තිබුණා..වෙනදට මාව දකිනකොට හිනාවක් මූනේ පුරෝගෙන හිටියත් අද ඒ මූනේ තිබුනේ හරිම හිස් බවක්..කිසිම වචනයක් නොකියම ඇවිදින් පුටුවෙන් වාඩි උනා

" ටේ මොකක් හරි ප්‍රශ්නයක්ද"
මං ඇහුවේ ඊට එහාපැත්තේ පුටුවේ වාඩි වෙන ගමන්

" සනා.."
ටේගෙ කටහඩේ වෙනදට නොතිබුණ මොකොක්දෝ දුකක් හැංගිලා තිබුණා..

" දේ ටේ මොකද උනේ" ..කුතුහලයකටත් වඩා මට තිබුණේ බයක්

" ම..මං ඇමරිකන් යනවා.." ටේ කිව්වේ මගෙ මූණ දිහා කෙලින් බලාගෙන..ඇස් දිලිසෙනවා..ඒ කදුලුද?

" හ්ම්ම්.." මාව ගොලු වෙලා කියලා මං හිතුවේ..එයාට හේතුවක් ඇති..ඇස් වලින් කදුලු පනින්න ආවත් මේ වෙලාවේ මං දුර්වල උනොත් ටේට ශක්තියක් වෙන්නේ කවුද?

"සනා..ඔයාට තනියම ..."

" ශ් ශ් ටේ මට පුලුවන් යුන්හිත් ඉන්නවනේ.."මේ වෙලාවෙ මට ටේගෙ දුර්වලකම වෙන්න බෑ එයාට ශක්තියක් වෙන්නයි මට ඕනේ..

"ඔයාට බලාගෙන ඉන්න පුලුවන්ද සනා"

"දේ ටේ..ඕනෙම කාලයක් බලං ඉන්නවා...."
.
.
.
ටිකක් වෙලා අපි දෙන්නම අතරේ තිබුණේ දැඩි නිශ්ශබ්දයක්..ටේහ්‍යුන් ඉන්නේ ලොකු දුකකින්..එයාගෙ ඇස් වලට එන කදුලු  වලක්වගන්න දරන උත්සය මම හොඳටම දැක්කා...

" කොච්චර කාලෙකටද?" මං ඇහුවේ නිහඩතාවය බිදින ගමන්...

" ම්.මාස පහක්.." ටේහ්‍යුන් නැතුව එක තප්පරයක්වත් ඉන්න බැරි මට මාස පහක් කියන්නේ ..මට හිතාගන්න බෑ

" කමක් නෑ ටේ මට පුලුවන් මගෙ කොල්ලා එනකන් බලන් ඉන්න" අමරුවෙන් උනත් චූටි හිනාවක් ඒ මූණේ ඇදුනා....

" සනා..මං යන්නේ තනියම නෙමේ..මි..මියත් එනවා.." ටේහ්‍යුන් කිව්වේ බිම බලාගෙන ..මියා ටේහ්‍යුන්ට කැමතියි කියලා මං දන්නවා...ඒත් මට මගේ ටේව මටත් වඩා  විශ්වාසයි..

"මට ඔයාව විශ්වාසයි ටේ"

" කුමාවෝ මැනික මාව මේ තරම් විශ්වාස කරනවට"මගෙ
මූණට වැටිලා තිබුණ කෙහැරැල්ල කන පිටිපස්සේ රදවන ගමන්..නලල උඩ උනුහුම් හාදුවක් සටහන් කරා..මේ උනුහුම ආපහු මට ලැබෙනේ මාස පහකින් කියලා මතක් උනාම කියාගන්න බැරි තරම් වේදානවක් එනවා..ටේහ්‍යුන් ගෙදර ගියේ යුන්හි ආවට පස්සේ

I am not a weak girlWhere stories live. Discover now