"යුන්හි නූනා සන්ග්මි නූනව බලාගන්න මං යනවා"
ජිමින් ගිහින් දැන් ටිකක් වෙලා රෑ වෙලා නිසා ජන්කුක් හැදුවේ ගෙදර යන්න..මේ වෙනක්කම්ම ජන්කුක් හිටියේ යුන්හිලා ඉන්න තැන..සන්ග්මි ජන්කුක්ට තමන්ගෙම නූනා වගේ..සන්ග්මි ජන්කුක්ට සැලකුවෙත් තමන්ගෙම මල්ලි කෙනෙක්ට වගේ..ඉතිං සන්ග්මි ඉන්න තත්වේ තේරුම් ගන්න ජන්කුක්ට පුලුවන් ..."පරිස්සමෙන් යන්න ජන්කුක්"
............................................................සන්ග්මි හිටියේ ඇදට හේත්තු වෙලා ජනේලෙන් පේන වටපිටාව දිහා ඔහේ බලාගෙන..කම්මුල් වල කදුලු වේලිලා..ආපහු වෙලාවෙ ඉදන්ම කෙල්ල එකම ඉරියව්වෙන්ම ඔහේ බලාගෙන ඉන්නවා ..ළාවට පොදක් ගියපු නිසාදෝ..හද කලුවලා වලින් වහගෙන........
වෙනදට තිබුණ හද එළිය
වැහිලා එක කලුවලාවකට........වෙනදට හිනැහුන ඒ තරුව
අද තනිවෙලා ඒ අහස යට.........කොහෙද සැගවුනේ ඒ හද එළිය?
කොහෙන්ද උත්තර ඒ පුංචි තරුවට........" සන්ග්මියා රෑටවත් එන්නකො කන්න" යුන්හි කොච්චර බල කරත් සන්ග්මි බෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" ඔයා කන්න මට නිදිමතයි" සන්ග්මි එහෙම්ම සීට් එක යටට ගුලි උනා..
"සන්ග්මි ඔප්පා කෝල් කරා"
"මො? ඔයා කිව්වද? "
කෙල්ල ඇහුවේ ආපහු නැගිටලා ඇදේ ඉදගන්න ගමන්..කෙල්ලට ඕනෙ උනේ නෑ මේ දේවල් ඔප්පා දැනගන්නවට ..එහෙම උනොත් අනිවාර්යයෙන්ම ප්රශ්නයක් ඇතිවෙනවා ...ඇවිලිලා තියෙන ගින්නට පිදුරු දාන්න සන්ග්මි චුට්ටක්වත් කැමති උනේ නෑ.." අනී....ඔයා හොදින්ද ඇහුවා....මං ඔව් කිව්වා හැබැයි කෑවේ නැත්තං මං ඔප්පට කෝල් කරනවා"
" එපා....මං එන්නම්" සන්ග්මි නොකා බැරිමකට කටක් දෙකක් කාලා ආපහු නිදාගත්තා.....මුලු රෑම ඇදේ එහාට මෙහාට පෙරලුනා මිසක්..නින්ද නම් කෙල්ල අහලවකටවත් ආවේ නෑ....
............................................................................
After 2 daysඋදෙන්ම ලෑස්ති උනේ යුන්හිත් එක්ක එළියට යන්න යුන්හි සන්ග්මිව බලාගත්තේ අම්මා කෙනෙක් වගේ... ඒක මේ වෙලාවේ හැටියට කෙල්ලට ලොකු හයියක් උනා ් උනා ..කැම්පස් නිවාඩු නිසා ගේ අස්සටම වෙලා ඇඩූ කදුලෙන්ම සන්ග්මිගේ දවස ගෙවුනා....වෙනසකටත් එක්ක යුන්හි කිව්වා පොඩ්ඩක් එලියට යමු කියලා ..සන්ග්මිත් කැමති උනේ නිවීහැනහිල්ලේ එළියට ගිහින් ඉන්න පුලුවන් නිසා...දෙන්නම ගියේ පාර්ක් එකට..බෙන්ච් එකක දෙන්නම වාඩි වෙලා ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට සන්ග්මිගෙ ඇස් නැවතුනේ් හුරුපුරුදු රුවක් ලග.....
YOU ARE READING
I am not a weak girl
Fanfiction......❤️....... එක රෑ අහසක එක පුංචි තරුවක් හොයනවා කොහෙද හද එළිය කියලා ..... ඒත් අමාවක දවසට හදක් කොහෙන්ද? ඒ පුංචි තරුව බලක් ඉන්නවා ...කවද්ද පුරහද පායන්නේ කියලා ..... ......❤️........