part 11

162 36 3
                                    

එකපාරටම හිතුවෙවත් නැති විදියට අනිත් පැත්තේ ඉදන් ආපු කාර් එකක් සනාව .............මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි උනා....හදගැස්ම මොහොතකට නැවතුනා වගේ...තාමත් මං බලං ඉන්න ඉරියව්වෙන්මයි..ඒ වාහනේ නොනවත්වාම ඉදිරියට ඇදෙනවා මං ඇස් කොනින් දැක්කා.......ඒත් එක්කම මං දැක්කේ පාර මැද වැටිල ඉන්න මගෙ කෙල්ලව....මුලු ඇගම පණ නැති උනා වගේ කකුල් දෙකට වෙර දීලා කෙලින්ම දුවගෙන ගියේ සනා හිටපු තැනට....එයා වැටිලා ලේ විලක් මැද....රතු උන කම්මුල් තාම එහෙම්මයි....එයාගෙ ඇස් පියවිලා තිබුණත් එක කදුලක් කම්මුලක් දිගේ බේරිලා ඇවිදින් වැටුනේ මගේ අත උඩට......මට මතක් උනේ එදා..එදත් එයා මෙහෙම නේද මගෙ අත් උඩ වැටිලා හිටියේ..ඒත් එදා වචනයක් දෙකක් හරි කතා කරා ඒත් අද..හරි නිහඩයි..ඒ නිහඩ කම මගෙ හුස්ම නතර කරනවා වගේ දැනෙන්නේ....

" සනා මැනික චේබල් කතාකරන්නඕ....ඇස් ඇරලා මං දිහා බලන්නකෝ...අනේ සනා..මාව මේ තරම් බය කරන්න එපා "
තමාත් නිහඩයි
.
.
.
අත් දෙකට ගත්ත සනාව අරගෙන මං කෙලින්ම දිව්වෙ හොස්පිටල් එකට........අතරමගදි වාහනයක් නතර කරා

sungmi pov

රෑ වෙලා......
යුන්හිටත් කියලා මං එළියට ආවේ චුට්ටක් ඇවිදින්න කියලා හිතාගෙන...සීතලයි..ඒත් ඒක මට දැනුන්නෑ..ඊට වඩා වේදනාවක් තියෙනවා ...මං කෙලින්ම ඇවිදගෙන ගියේ උදේ ආපු පාර්ක් එකට..අපි හිටපු තැන කවුරුහරි ඉදගෙන..මේ පැත්ත හැරුනා..විතරයි ඒකෙනාව මං දැක්කා..ටේහ්‍යුන් ..මට ඕනේ උනේ දුවන්න..

" ස්සාසනා.." ඒ හඩ මාව එතනම නතර කලා...මං බලං හිටියේ එ මූණ දිහා..

"සනා.."
මං කතා නොකර නිසාදෝ..ආපහු,පාරක් මට කතා කරා

" වේ......ටේහ්‍යුන් වේ? ඇයි තවත් මට කරදර කරන්නේ ආ...ඔයා මියා එක්ක ඉන්නේ සතුටින්නේ නේද?..ඉතිං ඉන්න එයා එක්කම ඉන්න...ඇයි ඔයා මේ තරම් රිද්දන්නේ....ඇයි ටේහ්‍යුන් මට බොරු කරේ..? ඇයි ඔයස් එහෙම කරේ......."
මට සිහියක් තිබුණේ නෑ මං මොනා කියනවද කියලා ඒත් මං පිස්සියක් වගේ හිතට ආපු දේ කියවගෙන කියගෙන ගියා

" ම්..මියා නේ සනා චේබල්"

සමාව? ඇයි එයා අඩන්නේ..මාව අතඇරලාඅ දාපු එකටද? මට බොරු ආදරයක් පෙන්නුව එකටද? මට ඕනේ උනේ නෑ තවත් ඒ ඇස් වලට මූණ දෙන්න මං දිව්වා..කොහාඅට දිව්වද දන්නෑ.....ලොකු එළියකින් ඇස් නිලංකාර වෙනවත් එක්කම මොකේක හරි හයියෙන් වැදුනා..ඊටපස්සේ වටේම අදුරු උනා.......

I am not a weak girlWhere stories live. Discover now