Hope

587 235 48
                                    

Min-Ah's View

"මට හිතාගන්නත් බෑ අපේ දුව මේ ආරංචිය දැන ගත්තම කොච්චර සතුටු වෙයිද කියලා.."කාමරේ ඇඳට වෙලා නිදාගෙන හිටිය මට ඔම්මාගෙ හිනා හඬ හොඳින්ම ඇහුණා..එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ සතුට,හිනාව කියන දේවල් මට විතරක් නෙමෙයි..මගෙ ඔම්මා අප්පාගෙනුත් ගොඩක් ඈතකට ගියා..

මේ ඔම්මලාගෙ සතුට පිරුණ කටහඬ ඇහෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ..

මං හිමින් හිමින් බිත්තියට අත තියාගෙන සාලෙට ගියා..ඔම්මලාගෙ සතුටට හේතු වුණ කාරණය මට ඉක්මනින් දැන ගන්න ඕනෙ වුණා..

"ඔම්මා..ඇයි මේ??"මං ඇහුවෙ ඉස්සරහට අත් දෙක දික් කරගෙන..ඒ සැනින් මාව ‌ලොකු උණුසුම් අත් හතරකට මැදි වුණා..ඔම්මයි අප්පයි..එයාලා සතුටින්...නොසෑහෙන සතුටින්...

"ඔ..ඔම්මා..කියන්නකෝ..ඇයි මේ??"මං ඇහුවා..

"මින්ආ..පැටියෝ..මගෙ රත්තරනේ..ඔයාට ඇස් දෙකක් හම්බුණා මැණික..ඔයාට..ඔයාට ආයෙත් මේ ලෝකෙ දකින්න පුළුවන්..."ඔම්මාගෙ පුංචි ඉකිගැහිම් මුසු වුණ කටහඬ ඇහෙද්දි මගෙ කකුල් දෙක පණ නැති වුණා වගේ..

මගෙ කම්මුල් දිගේ සීතලක් ගලාගෙන ගියා...

ඒ කියන්නෙ...

මට පුළුවන් මේ කළුපාට ලෝකෙන් එළියට එන්න..ආයෙමත් සැරයක් එළිය දකින්න..

කලින් හිටියා වගේම ජීවත් වෙන්න..

"ඔම්මා..ඔය..ඔය ඇත්තමද ඔම්මා??මට පුළුවන්ද ආයෙත් දකින්න..??ඇත්තමද??"මං සතුටට උඩ පැන්නා...

"ඔව් මින්ආ..ඔයාට පුළුවන් මගෙ පුතේ..ඔයාට පුළුවන්..."අප්පා මගෙ ඔළුව අතගෑවා...

මට දැනුන සතුට කොතරම්ද කියනවා නම් මට හිතුණා දුවලා ගිහින් මේ වෙලාවෙම ජිමින්ට මේ ගැන කියන්න..

ජිමින්..

මට..

මට ඔයාව දකින්න පුළුවන් ජිමින්...

ඔයාට හිතාගන්නවත් පුළුවන්ද මට දැනෙන සතුට..

මගෙ හිත හදපු මගෙ දේව දූතයාව මම දකින්න යන්නෙ...

මට තවත් මේ හැඟීම් හිර කරගෙන ඉන්න බෑ ජිමින්...

සරන්ග්හේ.....

Guardian Angel | Jimin Centric | CompletedHikayelerin yaşadığı yer. Şimdi keşfedin