වැහි වළාකුළු අතරින්....
තරැ මාවතට......."
⭐🌟🌠
Ep20ජිමින්ගෙ ජීවිතේ තීරණාත්මක දවසකට එළිය දෙන ගමන් වෙනදා වගේම ඉර පෑයුවත් එ් ඉර එළියෙ තිබුනෙ වෙනදට වඩා මලානික බවක්.එ් වුනත් එක පුංචි හදවතකට නං දැනුනෙ මේක ජීවිතේ උදාවුන ලස්සනම දවස විදිහට.එ් සේරි.
"අප්පා , මේ.....ඔයා කියන්නෙ ...මට අායෙම මේ ඉස්කෝලෙට යන්න පුළුවන්ද ? සෝල් හයි ස්කූල් එකට ? "
"ම්.ඔම්මයි මමයි ...දෙන්නම කතා කරලා ගත්තු තීරණයක්."
ජිමින් කියද්දි සේරිගෙ මූණෙ ලොකු හිනා මලක් පිපුණා.එ් සුබ අාරංචිය අැහුව වෙලේ ඉඳන් කෙල්ල හැසිරෙන්න ගත්තෙ වයින් වෙලා වගේ.එ්ත් ජිමින් හිටියෙ ටිකක් විතර හිත කලබලෙන්.එ්ත් එ් බව කොල්ලා කාටවත්ම පෙන්නුවෙ නෑ.
ජිමින් සේරියි සුමී එක්ක සෝල් අාවෙ ඊයෙ රෑම.එ්ත් කිම් සේ මින්ට බුසාන්වලම තනි වෙන්න වුනේ එ්ක ජිමින්ගෙ අවසාන තීරණේ නිසා.සුමී සේරිවත් අරන් ජිමින් එක්ක සෝල් යන්න ලෑස්ති වෙද්දි සේ මින් එ් දිහා බලන් හිටියෙ ලොකු වේදනාවක් හිතේ හංගගෙන.එ්ත් අඩුමතරමෙ සේරිට ගුඩ්බායි කියන්නවත් සේ මින්ට ඉඩක් ලැබුන් නෑ.මොකද එ් වෙද්දිත් කෙල්ල හිටියෙ ලොකු නින්දක නිසා.සේ මින් ගැන සුමීගෙ හිතේ වේදනාවක් ඉතිරි වෙලා තිබුනත් ජිමින්ගෙ හදවතේ නං කිසිම අනුකම්පාවක් ඉතිරි වෙලා තිබුන්නෑ .
"මේක තමුන්ට ලැබෙන අවසාන චාන්ස් එක! කොතනක හරි වැරැද්දක් පේන්න තිබුනොත් ...තමුන්ගෙ කන හරහා වෙඩි උන්ඩයක් යන එක මොකාටවත් වළක්වන්න බැරි වෙයි "ජිමින්ගෙ දැඩි හඬ කන ළඟින් අැහෙද්දි කඳුලු එක්රැස්වුන අැස් හංගන් සේ මින් අහක බලන් හිටියා විතරයි.
.
.
.
.
.
.
.
.
.
ඔන්න කෙල්ල ඉස්කෝලෙ යන්න ඔක්කොම ලෑස්තියි.කවදාවත්ම නැතිව උදෙන්ම නැගිටපු සේරි තනියම තමන්ගෙ වැඩ ටික ඔක්කොම කරගත්තෙ සුමීගෙ කිසිම උදව්වකුත් නැතිව.සේරිට හුරැපුරැදු සෝල්වල පරණ පුරුදු ගෙදර කිචන් එක මාස ගානකට පස්සෙ අම්මගෙයි දූගෙයි හිනා හඬවල්වලින් පිරිලා.ජිමින් කිචන් එකේ උලුවස්ස ළඟ ඉඳන් එ් හැම හැසිරීමක්ම දිහා බලන් හිටියෙ ගොඩක් අාදරෙන් වගේම හිත අැතුලෙ හිරවෙලා තිබුන පුංචි බයකුත් එක්ක.
YOU ARE READING
වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
Romance" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර...