EPISODE 22

1.6K 308 13
                                    

වැහි වළාකුළු අතරින්....
                                 තරැ මාවතට......."
                            ⭐🌟🌠
Ep 22

       "අහ් !.එපා ....!!! එපා !!!!! නවත්තන්න අාාාාහ් !!"

        "මොකක්ද යකෝ නවත්තන්න කියන්නෙ ? මම තෝව සම්පූර්ණයෙන්ම හම ගහලා පුච්චලා බල්ලන්ට කන්න දානවා දැනගං !!

    ජිමින්ගෙ අැස් ගිනි බෝල වගේ රතු වෙලා.නහර ඉලිප්පිලා ! කොල්ලා මේ තරම් දරැණු වුන තවත් දවසක් නැති තරම්.කූඹියෙකුටවත් හිරිහැරයක් නැතිව ඔම්මයි අප්පයි එක්ක ගත කරපු එ් අාදරණීය ජීවිතය විනාශ කරපු පාක් යුන් චොල් අද ජිමින්ගෙ කකුල් දෙක ළඟ දණින් වැටිලා ජීවිතය යදින්න පටන් ගෙන.

  "රොකී !"

  "බොස් ?"

   "ගිහින් හොඳට නටන උණුවතුර එකක් ගෙනෙන්! "

    අණ කරපු ජිමින් කිණිස්සකුත් අරන් පාත් වුනේ යුන් චොල්ගෙ කකුල්වලට.මිනිහා දන්නවා ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා
.

"අහ් ! තොට මතක් වුනාද ? තෝ මගේ අබොජිවයි ඔමොනිවයි දෙන්නම මැරැවා ! එ් දෙන්නා විඳපු වේදනාවල් මගේ මේ කන්වල තවමත් දෝංකාර දෙනවා . මං තෝව නිකං අපායට යවන්නෑ! මගේ අබොජියි ඔමොනියි වින්ඳා වගේ දහස් ගුණයක් වේදනාවල් උඹට විඳින්න වෙයි .ලෑස්ති වෙයන් !!"

    ඊළඟ මොහොතෙ ජිමින් යුන් චොල්ගෙ යටි පතුල්වල ඉඳන් අැඟ හැමතැනම කැපුම් තුවාල අැති කරලා එ්වායෙ මිරිස් කුඩු එබුවෙ මිනිහා යටි ගිරියෙන් කෑ ගහද්දි.මේ ජිමින්ගෙ වියරැවෙ පටන් ගැන්ම විතරයි.තවත් පැය ගානකට පස්සෙ බිම් ගෙයි ඉතුරැ වුනේ මොකෙක්ගෙද කියලාවත් හොයන්න බැරි තරමෙ මස් ගොඩක් විතරයි.
.
.
.
.
.
.
      අැඟ පුරා ලේ පෙරාගෙන බිම් ගෙයින් එළියට අාව ජිමින් මොහොතක් එක තැන නතර වෙලා උඩ බලන් ලොකු හුස්මක් ගත්තෙ හිතට දැනෙන්න ගත්තු කුරිරු සතුටත් එක්ක.කාමරේට ගියපු ජිමින් සේ මින්ගෙ දෙවෙනි ටේප් රෙකෝඩින් එක ප්ලේයර් එකට දාලා අැඳට වැටුනෙ වොෂ් එකක්වත් දාන්නෙ නැතුව.

  "ඔම්මා ...අප්පා ...මට ....මට හොඳටම මහන්සියි.ම...මං ළඟට එන්න.මං ළඟින් ඉන්න.නින්ද යනකං ....මගේ ඔලුව අතගාන්න."

වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠Where stories live. Discover now