Chapter 3

3K 513 22
                                    

V's pov

පහුවදා උදේ නැගිට්ටම මට දැනුනෙ ඔලුව පැලෙන්න තරම් වේදනාවක්. "අහ් .. ඇයි මගේ ඔළුව කැරකෙන්නේ?" ඇස් තදින් පියාගෙන මං ටිකක් වෙලා කල්පනා කරා. ඒත් මුකුත් මතක් උනේ නැති හින්දා මං වොශ් එකක් දාගන්න ගියා. ඇඳුමක් දාගෙන ඔලුව පීරගන්න කණ්ණාඩි‍ය දිහාට හැරුණම මගෙ ඇස් ගියෙ මගෙ තොල් කොනක තිබ්බ තුවාලෙට. "අඩේ මගේ තොල් වලට මොකද වුනේ, හොඳටම තුවාල වෙලා..."
ඊටපස්සෙ මං හොඳට කල්පනා කරා ඊයෙ රෑ උනේ මොකද්ද කියලා.

Flashback

"මට ඔයත් එක්ක නිදාගන්න ඕනෙ උනේ නෑ V. මගෙ අත අතාරින්න.. මට යන්න දෙන්න."  V ට යටවෙලා හිටපු ජන්ග්කුක් බේරෙන්න දැඟලුවා.

"ඔයා කොහෙ යන්නද ඉතින්..? මොකටද දඟලන්නේ? ඔයා දැන් මගෙ හස්බන්ඩ්...ඒ හින්දා ඔයාව අයිති මට. අනික මේ අපේ හනිමූන් එක දවස..."

"හීනෙන් තමයි.. හස්බන්ඩ් නෙවේ මොකා උනත් මගෙ අකමැත්තෙන් උනොත් ඒක බලහත්කාරකමක්." ජන්ග්කුක්ගෙ කටහඬ දැඩි වගේම අවවාදාත්මක ස්වභාවයක් ගත්තා.

"ඉතිං.. ඔයා මොනව කරන්නද? මං පාතාලෙ කෙනෙක් කියලා අමතක උනාද? නීති කඩනෙක මට අලුත් දෙයක් නෙවෙයිනෙ. මෙච්චර නීති කඩලා තියෙද්දි තව නීතියක් කැඩුවා කියලා මුකුත් වෙන්නෙ නෑ."

ඊටපස්සෙ V එයාගෙ තොල් ජන්ග්කුක්ගෙ තොල් මතින් තිබ්බා. ඒ විදිහට ජන්ග්කුක්ගෙ පළමු හාදුව එයාගෙ හස්බන්ඩ්  හොරකම් කරා. හැම කෙනෙක්ම හීන දකින්නෙ තමන්ගෙ හැමදේම දවසක තමන් බඳින කෙනාට දෙන එක උනාට ජන්ග්කුක්ට නම් ඒක එහෙම උනේ නෑ. එයාට ඕනෙ උනේ කොහොමහරි එයා හිටපු අපායෙන් ගැලවෙන්න. බලය, ලේ සහ තුවක්කු නැති ලෝකෙක සතුටින් ජීවත් වෙන්න. එයාගෙ හීන ගැන හිතද්දි ජන්ග්කුක්ගෙ මුවින් සිහින් ඉකිබිඳුමක් නික්මුණා.

ඊටපස්සෙ V ජන්ග්කුක්ගෙ තොල් වලින් අයින් වෙලා එයාගෙ තොල් ජන්ග්කුක්ගෙ නිකලැල් ගෙල වෙතට රැගෙන ගියා. පිරුණු සුදු ලැම මත නැවතත් ඒ දෙතොල් රැඳුනේ කිරි පැහැගත් සම පුරා රතු පැහැ සලකුණු නිමවමින්. මීට කලින් මේ වගේ අත්දැකීමක් තිබුනෙ නැති නිසා ජන්ග්කුක් හිටියෙ මුකුත්ම කරගන්න බැරුව. කොච්චර අකමැති උනත් ඒ තොල් වලින් ලැබුණේ අපමණ සුවදායී බවක්.. ඒත් V ගෙ අත ජන්ග්කුක්ගෙ ටවල් එක ළඟට යද්දි ජන්ග්කුක් පියවි සිහියට ආවා. ඊටපස්සෙ පුළුවන් උපරිම ශක්තියෙන් ජන්ග්කුක් V ව තල්ලු කරලා V ගෙ කනට එකක් ගැහුවා.

Mafia Lovers [Taekook] ✔️Where stories live. Discover now