Chapter 9

2.7K 445 19
                                    

V's pov

"ඕයි V.. මොකද්ද මනුස්සයො තමුසෙට වෙලා තියෙන්නෙ? අද ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි." සුගා මගෙන් අහද්දි මං ගැස්සිලා ගියා.

"මුකුත් නෑ, මට මහන්සියි අද."

"එහෙම එකක් නම් නෙවෙයි වගේ.. මට පේන හැටියට නම් මොකක්ම හරි හිතේ ප්‍රශ්නයක්.." මම සුගා දිහා බැලුවෙ දිග සුසුමක් පිට කරන ගමන්.

"ඊයෙ ට්සූයු ආවා අපේ ගෙදර...."

"ඉතිං..." සුගා ඇහි බැමි උස්සලා මං දිහා බැලුවා.

"එයා මං නිසා pregnant වෙලාලු. බබා මගෙ කියලා එයාට ශුවර්ලු."

"ඇයි මනුස්සයො පරිස්සම් වුණේ නැත්තේ? ඔච්චරටම මොලයක් නැද්ද තමුන්ට?

"ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ... මට ඒකිව විශ්වාස නෑ. මං කිව්වා මට ළමයා එපා කියලා. මට තියෙන ප්‍රශ්නෙ ඇයි ජන්ග්කුක් ඒ ළමයව භාරගන්න කැමති උනේ කියලා.." මං කියද්දි සුගා තව පොඩ්ඩෙන් පුටුවෙන් බිමට වැටෙනවා. 

"මොකක්ද ජන්ග්කුක් කලා කිව්වෙ? ඇයි ඉතින් එයා අනුන්ගෙ ළමයෙක් භාරගන්නෙ?"

"ඒක තමයි මමත් කල්පනා කරන්නේ... එයාට ට්සූයු ගැන කැමත්තක් හිතුනවත්ද? නැත්නම් එයාට බබා ඕනෙ නිසාද?"

"මං නම් හිතන්නෙ නෑ ජන්ග්කුක් ට්සූයුට කැමති ඇති කියලා. එයා ජන්ග්කුක්ට වඩා වැඩිමලුත් එක්කනෙ." (A/N; ඇත්තටම ගත්තම ට්සූයු ජන්ග්කුක්ට වඩා බාලයි හොඳේ.. මං පොඩ්ඩක් වයස වෙනස් කළා.)

"හ්ම්ම් මාත් එහෙම වෙන්න කියලා හිතනවා."

"ඒත් ඉතින් ජන්ග්කුක් එයාට කැමති උනත් ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ.. නේද? ඔයාමනෙ කිව්වෙ ඔය දෙන්නගෙ කසාදෙ බොරු එකක් කියලා. ඔයා මොකටද ඉතින් ඒ ගැන කරදර වෙන්නෙ?" සුගා කිණ්ඩියට හිනාවෙන ගමන් අහද්දි මට කට උත්තරත් නැතිවුණා.

"මං කරදර උනේ නෑ.. මං නිකන් සැකේට වගේ ඇහුවෙ.. " මං කිව්වෙ නැගිටින ගමන්.

"ඔයා යනවද?"

"ඔව්, ඔයා එනවද?"

"යමු එහෙනම්... මගෙ වැඩ ටිකත් ඉවරයි" සුගා මං එක්කම යන්න ලෑස්ති වුණා.

**************************************

"අපි ආවා." සුගා ගෙට ගොඩවෙන ගමන්ම කෑගැහුවා.

Mafia Lovers [Taekook] ✔️Where stories live. Discover now