Chapter 4

3K 507 14
                                    


V's pov

අපි ඔෆිස් එකට යනකොට අනිත් අයත් ඇවිත් හිටියා.

"V අද අපේ කුඩු නැව එන දවස." මං ඔෆිස් එකට ඇතුල් වෙද්දිම ජින් කිව්වා.

"තව පොඩ්ඩෙන් මට ඒකත් අමතක වෙනවා. එහෙනම් අද රෑට අපි එයාලව පිළිගන්න යමු."

"ඔව්, නම්ජුන්ට CCTV කැමරා ටික බ්ලොක් කරන්න පුළුවන්නෙ.. එතකොට හෝසොක් පොලිසිය ගැන බලාගනියි. ඔයයි මායි සුගයි ඩ්‍රග්ස් ටික භාරගන්න යමු." ජින් පැවසීය.

"හරි එහෙනම් ඔක්කොම සෙට්නෙ. අපි අද රෑට හොඳ ෆන් එකක් ගමු." මං කිව්වෙ කට කොනකින් හිනාවෙන ගමන්. මේ තමයි අපි සාමාන්‍යයෙන් ජීවිතේ ගතකරපු විදිහ. අවදානම් අවස්ථාවන් වලට මූණ දීලා ඒකෙන් සතුටක් ලබන එක.

"Hello guys.. කට්ටියටම good morning." ජිමින් එහෙම කියාගෙන ඔෆිස් රූම් එකට ආවා. ජිමින් අපේ හොඳම යාලුවෙක් උනාට එයා අපේ නීති විරෝධී වැඩ වලට සම්බන්ධ නෑ. හැබැයි එයා අපේ වැඩ ගැන දැනගෙනයි හිටියේ.

"ආහ්.. මේ මනමාල මහත්තයත් ඉන්නෙ. කොහොමද කුකී එක්ක එක්ක ඊයේ....??" 

"කුකී ?? ඔයාට පිස්සු හැදීගෙන එනවද ජිමින්. එයාට නික් නේම් එකකුත් දීලද දැන්?" ඒ පාර මං ජිමින්ට කෑගැහුවා. මේකෙ ඉන්න හැමෝගෙම කටේ තියෙන්නෙ ජන්ග්කුක්.. ජන්ග්කුක්..  මොන විකාරයක්ද?

"ජිමින් ජන්ග්කුක්ගෙ නම වත් කියන්නෙපා. මේ යකාට පිස්සු.. කිසි දේක හොඳක් දකින්න බෑ." සුගා එහෙම කියලා ආයෙත් ඇස් දෙක පියාගත්තා.

"මොකද්ද ඒ කොල්ලගෙ තියෙන හොඳේ?" මම සුගා දිහාට හැරුණා.

"ජන්ග්කුක් හරිම හොඳ කෙනෙක් V. ඔයා එයා ගැන දන්නෙ නෑ.. ඒකයි ඔහොම හැසිරෙන්නෙ. එයා මේ පාතාල ලෝකෙට කැමති නෑ. මේ අපායෙ හිටියට එයාට තියෙන්නෙ ඒන්ජල් කෙනෙක්ගෙ වගේ පිරිසිදු හදවතක්. මං දන්නවා.. එයා පිටට පෙන්නන්නෙ නපුරු කෙනෙක් කියලා. ඒත් ඒ තනි කළු ඇඳුම් ඇඳලා ටැටූ ගහන් ඉන්න කොල්ලා ඇතුලෙ ඉන්නෙ හරිම අහිංසක කොල්ලෙක්. ඔයාට හිතාගන්නවත් බැරි තරම් ඒ කොල්ලා හොඳ කෙනෙක්.” නම්ජුන් කිව්වෙ හැඟීම්බර හඬකින්.

"ඔහ් හෝ... මං ඒත් බැලුවා මොකද්ද මේ කොල්ලො දෙන්නෙක්ව බන්ඳවලා කරන තේරුමක් නැති වැඩේ කියලා.. දැන් මට හේතුව හිතාගන්න පුළුවන්. Mr. Jeon ට මාෆියා එක භාරදෙන්න තරම් ගැලපෙන පුතෙක් නැති නිසා එයාගෙ නම රැකගන්න මාව පාවිච්චි කරලා." මං කිව්වෙ පිළිකුලෙන්.

Mafia Lovers [Taekook] ✔️Where stories live. Discover now