"කුකී... මම අද තේගුකීව ගන්නම්." V ජන්ග්කුක්ගෙ ඔෆිස් රූම් එකට ආවා. ඔව්, මේ වෙද්දි එයාලා ඔක්කොම V ගෙ බිස්නස් වලට සම්බන්ධ වෙලා හිටියෙ.
"ම්ම්ම් හරි.." ජන්ග්කුක් V දිහා නොබලම කිව්වෙ අද දවස අමතක වුණු එක ගැන තරහින්.
"මගේ ඔළුවත් හොඳටම රිදෙනවා. ඒ හින්දා මම ආපහු එන්නේ නැහැ. ඔයාට අපේ ඩ්රයිවර් එක්ක එන්න පුළුවන්ද?" V හිනාව හංගගෙන මූණට වේදනාත්මක පෙනුමක් ගත්තා.
"මොකක්ද ?? කට්ටියටම අද මොකද වෙලා තියෙන්නෙ.. හ්යුන්ග්ලත් එක එක ඒවා කියලා අද කලින් ගියා. දැන් ඔයත්.. ඔහේලා ටික මට හොරෙන් මොනවහරි කරනව එහෙම නෙවෙයි නේ?" ජන්ග්කුක් ඒ පාර තරහින් කෑ ගැහුවා.
"අනියෝ.. මම දිවුරනවා අපි ඔයාට හොරෙන් නරක වැඩ මුකුත් කරන්නෙ නෑ කියලා.. මං මගෙ ආදරණීය හුරතල් හබීට එහෙම බොරු කරනවද?" ජන්ග්කුක් V දිහා රවලා බැලුවා.
"බොරු කියන්නෙම නෑ.. ඔයා මේ දැනුත් කියන්නෙ බොරු තමයි. දැන් කෝ ඔයාගෙ ඔලුව කැක්කුම? මට නම් කිසිම අමාරුවක් පේන්නෙ නෑ ඔයා දිහා බලද්දි."
"මගෙ ජන්ග්කුකී... ප්ලීස් ඔයාගෙ හස්බන්ඩ්ට හොඳටම මහන්සියි. එයාට විවේකය ඕනෙ.. මං යනවෝ. තේගුකීව ගන්න පරක්කු වෙනවා නැත්නම්.. බබී බලන් ඉඳියි.. ඔයා පරිස්සමින් එන්න. බායි." V එහෙම කියලා එතනින් පැනගත්තා.
"එයාට නම් රහස් පරීක්ෂකයොත් පරාදයි." යනගමන් V එයාටම කියාගත්තෙ දිග හුස්මක් පිට කරන ගමන්."ඇයි මට හිතෙන්නෙ එයාලා මොනාහරිම හංගනවා කියලා.. අර නපුරු මෝඩ ටේහ්යුන්ග් නම්.. මාසයක් යනකම් මාව අල්ලන්නවත් දෙන්න හොඳ නෑ. එතකොට තේරෙයි. බොරුකාරයා.. අපි බැඳලා අවුරුදු දහයකුත් ගිහින්. ඒත් මේ මෝඩයට අද දවස මතක නෑ." ජන්ග්කුක් V ගිය දිහා බලාගෙන බැන්නා.
.
.
.
.
.
.
.
.
."මගේ දෝණි.. ඔන්න ඩැඩී ආවා. ඔයා ගොඩක් වෙලා බලන් හිටියද?" V අවුරුදු නවයක් වයස එයාගෙ දුවව උස්සන් රවුමක් කැරකුණා.
"නෑ ඩැඩී.." තේගුකි සතුටින් හිනාවෙන ගමන් කිව්වා.
"හරි අපි අද ශොපින් යමු. ඔයාගෙ පපාට තෑග්ගක් ගන්න."

YOU ARE READING
Mafia Lovers [Taekook] ✔️
FanfictionJeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්. Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට...