Chapter 7

2.9K 488 96
                                    


Jungkook's pov

අපි එදා රෑ වෙනකම් එක එක ෆිල්ම් බැලුවා. හ්‍යුන්ග් ස්නැක්ස් වගේකුයි බියර් ටින් ටිකකුයි ගෙනාවා. රෑ කෑමට අපි පීසා ගෙන්නුවා. මොකද තාමත් අපේ ගෙදර උයන්න මුකුත් තිබ්බෙ නෑ.

"අපි ඊළඟට මොකද්ද බලන්නේ?" ජිමින් හ්‍යුන්ග් අහද්දි මං පැනලා උත්තර දුන්නා. "Iron man.. අනේ අපි Iron man බලමු. ඒක තමයි මං ආසම ෆිල්ම් එක." මං කියද්දි අනිත්  අයත් ඒක බලන්න කැමති වුණා. ජිමින් හ්‍යුන්ග් ඒක play කරා.

ඊට පස්සේ  V කිව්වා එයාට 'Call me by your name' movie එක බලන්න ඕනෙ කියලා. ඒක බලද්දි මං කල්පනා කරේ ඇයි එයා ඒ වගේ එකක් බලන්න ඕනෙ කිව්වෙ කියලා. මොකද ඒක bl movie එකක්. එයාගෙ තාත්තගෙන් ඉගෙන ගන්න එන ශිෂ්‍යයෙක් එක්ක ආදරෙන් බැඳෙන බෝයි කෙනෙක් ගැන කියවෙන කතාවක්.
ඔය විදිහට දිගටම එක එක ෆිල්ම් බල බල ඉද්දි එක්කෙනා දෙන්න හිටපු තැන්වලම නින්දට වැටෙන්න පටන් ගත්තා.
.
.
.
.
.

.
එකපාරටම මට වමනෙ යන්න වගේ ආපු නිසා මං ඇඳෙන් බැහැලා washroom එකට දිව්වා.

"කුකී.. කුකී.. ඔයා ඇතුලෙද? මොකද උනේ.. මේ දොර අරින්න.." මට V හ්‍යුන්ග්ගෙ කටහඬ ඇහුණා.

"ලොක් කරලා නෑ එන්න." මං ටැප් එක ඇරලා කට හෝදන ගමන් කිව්වා.

"බබා ඔයා හොඳින් නේද ?? මොකද එකපාරටම උනේ?"

"මට වමනෙට වගේ ආවා. ඒකයි.. දැන් හරි.."

"ඇයි ඒ ?? ඔයාගේ කෑම වල මොකක් හරි අවුලක් තිබ්බද? ඒත් ඉතින් ඔයා කාපු දේවල් මාත් කෑවනෙ."

මට දැන් හොඳයි බයවෙන්නෙපා කියලා මට කියන්න ඕනෙ උනත් එකපාරටම මගෙ වටේටම බොඳ වෙලා ගියා. ඔක්කොම කළුවර වෙලා යන්න කලින් මට මතකයි V මාව වැටෙන්න නොදී අල්ලගත්තා.
.
.
.
.

මට සිහිය එද්දි මං හිටියෙ හොස්පිටල් එකක ඇඳක් උඩ.

"ඒයි බනී.. ඔයාට දැන් හොඳයි නේද?" V මගෙ කම්මුලකට අත තියන ගමන් අහද්දි මං ඔව් කියන්න ඔලුව වැනුවා.

"V හ්‍යුන්ග් මට මොකද උනේ? ඇයි අපි මේ හොස්පිටල් එකේ ඉන්නෙ?"

"කොහොමද මං ඒක ඔයාට කියන්නෙ. ඒක ඇහුවම මාත් පුදුම උනා."

Mafia Lovers [Taekook] ✔️Where stories live. Discover now