Chapter 17

2.5K 428 31
                                    

Third person pov

V දොර අරිද්දි පුරුදු විදිහටම එයාගෙ වදකාර යාලුවො සෙට් එක දොර ඉස්සරහ.

"හායි.." ජිමින් දත් තිස්දෙකම දාගෙන කියද්දි V ඇස් රෝල් කරා.

"මොකෝ කට්ටියම මෙහෙ?"

"ඇයි අපිට එන්න තහනම්ද? අපිට අපේ ජන්ග්කුකීවයි.. එයාගෙ මෝඩ හස්බන්ඩ්වයි බලන්න ඕනෙ වුණා." ජින් හැමදාම වගේ V ට හින්ට් ගැහුවා.

"එයා අපේ නෙවේ.. මගේ කුකී." 

"මං නම් මුලින්ම දැනගත්තා මෙයා අපේ ජන්ග්කුකීට වහ වැටෙනවා කියලා." සුගා කට කොනකට හිනාවෙලා කියද්දි ජන්ග්කුක්ගෙ කටහඬ එයාලට ඇහුණා.

"හ්‍යුන්ග් කවුද ආවේ?" ජන්ග්කුක්ගෙ කටහඬ ඇහුණු ගමන් කට්ටියම ගේ ඇතුලට ආවෙ V වත් තල්ලු කරගෙන.

"අනේ මගෙ පැටියෝ.. මට ඔයාව ගොඩක් මතක් උනා.. ඔයාට කොහොමද?" ජින් ජන්ග්කුක්ව තුරුල් කරගත්තා.

"ජින් හ්‍යුන්ග්.. ඕනවට වඩා රඟපානව ඔයා." හොබී කියද්දි ජින් රවලා බැලුවා.

"මම හොඳින්... මටත් ඔයාලව මතක් උනා" ජින්ගෙන් ඈත්වෙන ගමන් ජන්ග්කුක් එහෙම කිව්වා.

"අපිට හිතුනා ඔයාලව බලලා යන්න ඇවිත්." නම්ජුන් ජන්ග්කුක් ළඟින් ඇවිත් ඉඳගද්දි V ත් ආවා.

"ඒයි මට බොන්න මොනාහරි ඕන... ස්ප්‍රයිට් එහෙම නැද්ද?" හොබී පුටුවකින් ඉඳගන්න ගමන් ඇහුවා.

"නෑ.. අපේ ගෙදර මුකුත් බොන්න නෑ.." V කියද්දි ජන්ග්කුක් එයා දිහා රවලා බැලුවා.

"මෝඩයෝ.. ගෙදරට ආපු අයට සලකන්නෙ ඔහොමද? ඔයාලා ඉන්න.. මං මොනාහරි හදන් එන්නම්." ජන්ග්කුක් එහෙම කියන ගමන් නැගිටින්න හැදුවෙ කිචන් එකට යන්න.

"ඒයි ඒයි නැගිටින්න එපා.. ඔයාට රිදෙයි." V දුවගෙන ජන්ග්කුක් ළඟට එද්දි අනිත් අය පුදුමෙන් ඒ දෙන්නා දිහා බැලුවා.

"ජන්ග්කුකීට මොකද වුණේ?" ජිමින් පුදුමයෙන් ඇහුවා.

"එයා අසනීපෙන්ද?" නම්ජූන්ගෙ කටහඬ කනස්සල්ලෙන් පිරිලා තිබ්බා.

"අයියෝ මං හොඳින් හ්‍යුන්ග්.. " ජන්ග්කුක්ගෙ මූණම රතුවෙලා ගියා.

Mafia Lovers [Taekook] ✔️Where stories live. Discover now