Chapter 01💜

562 42 2
                                    

"නම්ජුනා.. ඉක්මනට එනවද??" එළියට වෙලා ඉදපු ජින් කෑ ගැහුවෙ බැරිම තැන..

"එනවා හ්‍යුන්ග්.." නම්ජුන් රූම් එකේ ඉදන්ම කෑ ගැහුවෙ කාමරේ බඩු පෙරළ පෙරල..

"හ්‍යුන්ග්, නම්ජූන් හ්‍යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.." බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා..

"ආයිශ් මේ නම්ජූනා නම් හදන්න බෑ.. දැන් ඉතිං හොයපංකෝ පාස්පෝට් එක හෙට වෙනකන්ම.. මාත් ඉන්නවනේ මේවා ඉවසගෙන.." ජින් බැන බැන නම්ජූන්ගේ රූම් එක පැත්තට යද්දි හොබී එතනට ආවා..

"හ්‍යුන්ග් කොහෙද යන්නෙ??" ශර්ට් එකේ අත නවන ගමන් හොබී අහද්දි ජින් හොබී ළග නැවතුනා..

"අනේ හොබ්බා අර බූරූ පැටියා ආඅහු පාස්පෝට් එක නැති කරගෙන.." ජින් කියද්දි හොබීගෙ කට ඇරුනා..

"නෑ වෙන්න බෑ.. සේජින් හ්‍යුන්ග් ඒක පෙරේදා ඉල්ලගත්තා මෙයා නැති කර ගනී කියලා.." හොබී ඔලුව දෙපැත්තට වන වන කියද්දි ජින් නම්ජූන්ගෙ කාමරේ දිහා බැලුවා..

"එතකොට මොනවද අර මිනිහා පෙරළ පෙරළ හොයන්නෙ??" ජින් අහද්දි හොබී උරහිස් හැකුළුවෙ දන්නෑ කියන්න..

"යමුකො බලන්න.." හොබීවත් ඇදගෙන ජින් නම්ජූන්ගෙ රූම් එක පැත්තට ගියා..

"නම්ජුනා මොනවද හොයන්නෙ??" අනිත් පැත්ත ගහලා තියෙන කාමරේ දිහා බලලා හොබී අහද්දි නම්ජූන් හොබී ජින් දෙන්නා දිහා බැලුවා..

"ආ මේ... පාස්පෝට් එක නෑනෙ.." නම්ජූන් ඔලුවත් කස කස කිව්වා..

"ඇයි මිනිහෝ ඒක සේජින් හ්‍යුන්ග් අරගෙන තිබ්බෙ.." ජින් කියද්දි නම්ජූන්ගෙ ඇස් ලොකු උනා..

"අයිශ්.. මට අමතක උනා  හ්‍යුන්ග්.." නළලට පාරක් ගහගන්න ගමන් නම්ජූන් කියද්දි ජින් රවලා බැලුවා..

"තව මොනවා මොනවා අමතක වෙලාද දන්නෙ නෑ.. ඉක්මනට එනවා.." ජින් අනිත් පැත්ත හැරිලා ගියේ නම්ජූන්ට බැන බැන..

___________________________________________

"Hellow Richard.. How are you?"

"I'm fine jelly.. ඔයා බයෙන්ද?"

"ටිකක්.. ඒත් මට පොඩි සතුටකුත් තියෙනවා.."

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now