"මං කියන කෙනාට නමක් නැද්ද??" අංජලී අහද්දි "අනේ මංදා අංජලී.. ලෝකෙම දන්න මගේ කටහඩ ඔයා දන්නෙ නෑනෙ.. තාම මගේ නම්බර් එක සේව් කරගත්තෙ නැද්ද??" කියලා කියද්දි අංජලී ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් එක දිහා බැලුවා.. "ජීමින් ඇයි මේ වෙලාවෙ කෝල් කරන්නෙ??" කියලා හිතලා අංජලී ෆෝන් එක ආයෙත් කනේ තියාගෙන "ඕ ජීමින් කියන්න" කිව්වෙ ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙන..
"අද එන්නැද්ද??" ජීමින් අහද්දි අංජලීගෙ මූණ බෙරි උනා..
"අද මගේ ඕෆ් එක.." අංජලී කිව්වෙ හරි බරි ගැහිලා තව ටිකක් සැපට හාන්සි වෙන ගමන්..
"යා... මං බලාගෙන ඉන්නවා මෙතන එනකන්.. " ජීමින් අඩි පොළොවෙ හප්ප හප්ප අහද්දි අංජලී "ඉතිං බලන් ඉන්නෙපා.." කියලා යන්තමට මිමිණුවා..
"මොකක්ද කිව්වෙ?" ජීමින් අනිත් පැත්තට අහද්දි අංජලී "නෑ නෑ මොකුත් නෑ" කියලා කිව්වෙ කියපු එක ආයෙත් කියන්න බැරි නිසා..
"අනේ මට නම් අද එන්න බෑ.. මාස හතරකට පස්සෙ මට මෙහෙම නිවාඩුවක් හම්බ උනේ... මට රිපෝට් ගොඩක් සබ්මිට් කරන්න තියෙනවා.." අංජලී මූණත් බෙරි කරගෙන කියද්දි ජිමින් බුම්මගෙන මොකුත් නොකියා ඉදියා..
"ජෙලියා.." එක පාරටම ජිනාගෙ කටහඩ ඇහෙද්දි අංජලී "ආ ඔන්නී.." කියලා ජිනාගෙ පැත්තට හැරුනේ ෆෝන් එක එහෙමම පහළට දාගෙන..
ජිනා ජෙලී දිහා බලලා "මං යනවා.. අජුම්මා දවල්ටත් එක්ක උයලා තියෙන්නෙ.. රත් කරගෙන කන්න.. රෑට මොනවා හරි ඕඩර් කරගන්න පුලුවන් නේ.." කියලා ඇහුවෙ වොච් එක දාගන්න ගමන්.. අංජලී ඔලුව වැනුවා..
"මං හෙට උදේ එන්නම්.." ජිනා ආපහු කිව්වා.
"හදිස්සි වෙන්න ඕන නෑ.. මං ටැක්සි එකක හොස්පිට්ල් යන්නම්.. පරිස්සමට ගිහින් එන්නකෝ.." අංජලී කිව්වෙ කොණ්ඩෙත් හද හද ඇදෙන් බැහැලා ජිනාගෙ පිටිපස්සෙන් යන ගමන්.. "අනේ පණ්ඩිත ආච්චි.. මං යනවා බායි.." කියපු ජිනා අජුම්මවත් එක්කගෙන කාර් එකට නැගලා යනවා බලන් ඉදපු අංජලී ආපහු ෆෝන් එක කනේ තියාගත්තා.."ජිනා නූනා කොහෙද යන්නෙ.." ජීමින් ඇහුවා..
"ගෙදර.." අංජලී දොර වහලා කිචන් එකට එබුනා.. ජිනා ගෙදර ගියේ පාටි එකක් තියෙනවා කියලා ගෙදර එන්න කිව්ව නිසා.. අජුම්මවත් එක්කගෙනම එන්න කියලා ජිනාගෙ අම්මා කියපු නිසා ජිනා අජුම්මවත් එක්කගෙන ගියා..
YOU ARE READING
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fanfiction(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...