ටික වෙලාවකින් ආයෙමත් ජීමින් දිහා බලද්දි ජීමින් හිනා වෙවී බලන පොත දැක්කම අංජලීට තරු පෙනුනා.. අංජලී අවුරුදු ගානක් BTSලාගෙ ෆොටෝස් මෙමරීස් එකතු කර කර හදපු ඇල්බම් එක..
"ඒයි ඕක අල්ලන්න එපා.." අංජලී අඩියට දෙකට එතනට ගිහින් ඒක උදුරගන්න හැදුවත් ජීමින් කෙල්ලට වඩා ඉස්සර වෙලා පොත එහාට ගත්තා.. ජීමින් ඇස් දෙකත් ලොකු කරලා ජෝක් මූණක් හදාගෙන ඔලුව පැත්තට ඇල කරලා අංජලී දිහා බලලා හිනා උනා.. දැන් නම් කොල්ලට ඒක බලන්නම ඕන..
"ඒක මට බලන්නෝන.." ජීමින් කිව්වා..
"බෑ බෑ.. ඒක මට දෙන්න.." අංජලී අඩි පොළොවෙ හැප්පුවා..
"ඕ.... දැන් නම් මට ඒක බලන්නම ඕන.." ජීමින් ඇස් දෙක චූටි කරලා අංජලීගෙ ඇක්ශන් දිහා බලලා ආයෙත් පොත දිහා බැලුවා..
"අනේ දෙන්නකෝ.."
"බැහැ.."
"මං ජින්ට කියනවා.."
"ඕකේ.. ඉන්න මං එයාට කතා කරන්නම්.. ජින් හ්‍යුන්ග්...." ජීමින් චුටක් සද්දෙන් ජින්ට කතා කරා..
"ඒ ඒ.. අයිශ්.. එපා.. ඕක මට දෙන්න.." අංජලී කිව්වෙ නිදාගෙන ඉන්න ජින් දිහා බලාගෙන ජීමින්ගෙ අතටත් පාරක් ගහලා..
"බෑ.."
කෙල්ලත් එක්ක රණ්ඩු වෙන ගමන් ජීමින් ඇල්බම් එක කොට්ටෙ අස්සට දා ගත්තෙ අංජලීට ඇහැක් ගහන ගමන්...
"ආ.. ඒකෙ ඔයාට බලන්න දෙයක් නෑ..." අංජලී අඩන්න වගේ මූණ හදාගෙන කියද්දි ජීමින් හිනා උනා...
"මොකද නැත්තෙ... ඉස්සරහ පිටුවෙ තිබ්බෙ ලොස් ඇන්ජලීස් වල කොන්සර්ට් එකේ ටිකට් එකක්.. ඊළඟ පිටුවෙ දම් පාට වේල් කෙනෙක්.." ජීමින් කිව්වෙ ඇස් නටව නටව..
අයියෝ අද නම් ගැලවීමක් නෑ වගේ අංජලීට හිතුනා..
"ජීමින් ගෑනු ළමයින්ගෙ දේවල් අවුස්සන්න හොද නෑ.."අංජලී බැරෑරුම් මූණක් හදාගෙන කිව්වෙ ගැලවෙන්නම බැරි තැන.. එතකොට නම් ජීමින්ගෙ මූණ අවුල් උනා.. කියපු කතාව සැර වැඩිද කියලා අංජලීට හිතුනා.. ටික වෙලාවක් අංජලී දිහාම බලාගෙන ඉදපු ජීමින්ගෙ කට කොනේ යාන්තමට හිනාවක් ඇදුනා..
KAMU SEDANG MEMBACA
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fiksi Penggemar(Completed) "හ්‍යුන්ග්, නම්ජූන් හ්‍යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...