ට්වීටර් එකට ගිය ගමන් දැකපු දේ නිසා අංජලීගෙ අතින් ෆෝන් එක බිමට අතෑරුනේ මුළු ඇගම පණ නැති වෙලා යද්දි..
USA වලදි ජීමින් අසනීප වෙච්ච වෙලාවෙ කවුරුහරි ඒක වීඩීයෝ කරලා.. වැදගත්ම දේ සම්පූර්ණ සිදුවීමම ඒ වීඩියෝ එකේ නෑ.. ඒක එඩිට් කරලා හදපු විදියට අනිත් අය අදුරගන්න බැරි උනත් අංජලී, වී, ජීමින්, නම්ජූන් කට්ටියව අදුරගන්න අමාරු නෑ.. ජීමින් වැටෙන ටිකවත් වීඩියෝ එකේ තිබ්බෙ නෑ.. කෙල්ලට තමන්ගෙ ට්වීටර් අකවුන්ට් එකේ කමෙන්ට් දැක්කම ඔලුව ගිනිගන්නවා වගේ දැනුනෙ හේතුවක් නැතුව කෙල්ලට බැනලා දාලා තිබ්බ කමෙන්ට් දැකලා... අංජලී අත් දෙකෙන්ම ඔලුව බදාගෙන පුටුවෙන් වාඩිවුණා.. ජිනා එද්දි අංජලී ඉදියේ පුටුවෙ වාඩි වෙලා කකුල් දෙක උඩින් ඔලුව තියා ගෙන අඬ අඬ.. ජිනා දුවගෙන ඇවිත් අංජලීගෙ උරහිස් දෙකෙන් අල්ලලා අංජලීගෙ ඔලුව ඉස්සුවා..
අංජලීට ජිනාගෙ පැමිණීම ලොකු අස්වැසිල්ලක් උනා.. අංජලී එහෙමම ඉදගෙන ජිනාගෙ බදවටේ අත් දෙක යවලා ජිනාව බදාගත්තේ හිත නිදහස් කරගන්න.. අංජලීගෙ කොණ්ඩෙ අස්සෙන් අත යවලා විනාඩියක් විතර ඔලුව අතගාපු ජිනා අංජලීව ඈත් කරලා අංජලීගෙ මූණට එබුනා..
"අඩ අඩ ඉන්න වෙලාවක් නෑ කෙල්ල.. මේක ඇදගන්න.." කෙල්ලගෙ අතට ඇදුම් බෑග් එකක් දෙන ගමන් ජිනා කිව්වා..
ලෑස්ති වෙලා එලියට ආපු කෙල්ල ජිනා සෙජින් දෙන්නා එක්කම හොස්පිට්ල් එකේ පිටිපස්සෙන් ගිහින් වාහනේට නැගලා HYBE එකට යන්න පිටත් උනා.. අංජලීට තාමත් ඉකිගැහෙනවා උනත් කෙල්ල ඇස් දෙක පියාගෙන දන්න ශිල්ප සේරම දාලා තමන්ගෙ හිත එක තැනකට ගන්න උත්සහා කරා.. HYBE බිල්ඩින් එක ඉස්සරහා සෙනග පිරිලා.. අමාරුවෙන් වෑන් එක ඇතුලට දාපු සේජින් වෙනම එන්ට්‍රන්ස් එකකින් ජිනාවයි අංජලීවයි ඇතුලට එක්කගෙන ගියා..
සේජින් කෙලින්ම ගියේ පීඩීනිම්ගෙ කැබින් එකට.. BTS මෙම්බර්ස්ලා හැමෝමයි පීඩීනිම් එක්ක තව දෙතුන් දෙනෙකුත් ටේබල් එකක් වටේ වාඩි වෙලා ඉදියා..
ජිනා අංජලී එක්ක ටේබල් එක ළග තියෙන පුටු දෙකකින් වාඩි උනේ සේජින් එහා පැත්තට යද්දි..
ESTÁS LEYENDO
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fanfic(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...