Chapter 08💜

170 33 2
                                    

එක්ස්කියුස් මී.. ඔයා චෙලෝ නේද??

එක පාරටම ඇහිච්ච කට හඬටයි, අහපු දේටයි කෙල්ල බිබී හිටපු කෝපි එක මොලේ අග්ගිස්සටම ගියා.. අංජලී කහින් ගමන්  ඉක්මනට ඒ පැත්ත හැරිලා බැලුවා.. අංජලීගෙ ළඟ හිටගෙන ඉදියෙ අවුරුදු අටක් නමයක් විතර වෙන චූටි කෙල්ලෙක්..

"ඔව් පැටියෝ ඔයා මාව දන්නවද??" අංජලී චූටි කෙල්ල ළඟ බිම වාඩිවෙලා ඇහුවා..

"ඕ.. මං ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ.." කෙල්ල කට උල් කර කර කියනවා අංජලී ආසාවෙන් බලාගෙන ඉදියා..

"ජෙනී.. මොකක්ද ඔයා මෙතන කරන්නෙ??
ඔහ්.. මෑම් සොරි.. මට එයාව මගෑරුනා.." ජෙනීගෙ අම්මා කියලා හිතන්න පුලුවන් කෙනෙක් ඇවිත් ජෙනී දිහා බලලා අංජලී දිහාත් බලලා කිව්වා..

"අහ් ඉට්ස් ඕකේ.. "අංජලී කිව්වා..

"ඔයා චෙලෝ නේද?? අපේ දුව ඔයාගෙ වීඩියෝ බලනවා.. මේක නම් හරි පුදුම හමුවීමක්.." ජෙනීගෙ අම්මා කියද්දි අංජලීට පුදුම හිතුනා.. 

චෙලෝ කියන්නෙ අංජලීගෙ ෆන්ඩ් එකේ නම.. අංජලී කරන හැම වැඩක්ම යූ ටියුබ් දාන්නෙත් චෙලෝ කියන නමින්.. ඉතිං ගොඩක් අය අංජලීව දන්නෙ චෙලෝ කියන නමින්.. ඒ වීඩියෝ බලන දරුවෙක් තමයි ජෙනී.. ජෙනීටත් වඩා පොඩි ළමයි ඒ වීඩියෝ ඇතුලෙ තමන්ගෙ ජීවිතේ ගෙවෙන හැටි කියන දේවල් ජෙනීව වෙනස්ම පැත්තකට ගෙනිහින් තිබ්බා..

ජෙනීගෙ අම්මා අංජලී එක්ක ගොඩක් වෙලා කතා කර ඉදියා.. ජෙනී චැරිටි වැඩ වලට ගොඩක් කැමති කෙනෙක් කියලා දැනගත්තම අංජලීට සතුටු හිතුනා.. ජෙනී අංජලීව ෆලෝ කරනවා කියලා ජෙනීගෙ අම්මා කියද්දි කෙල්ලට පුදුමත් හිතුනා.. ජෙනී දැන් ඉස්කෝලෙන් කරන චැරිටි වැඩ වලට සම්බන්ධ වෙනවා කියලත් ජෙනීගෙ අම්මා අංජලීට කිව්වා.. ජෙනීට අවුරුදු දහඅටක් උනාට පස්සෙ ජෙනීව UN එකට සම්බන්ධ කරන විදිය ගැනත් විස්තර කරන්න අංජලී අමතක කරේ නෑ.. ජෙනී අංජලීව දාලා ගෙදර යන්න කැමති උනේ කෙල්ලගෙ ඔටොග්‍රාෆ් එකකුත් අරගෙන සෙල්ෆියකුත් ගත්තට පස්සෙයි..

ඒ ගත්ත සෙල්ෆියක් එහෙමම අංජලී මල්ලිට යැව්වෙ අංජලීගෙ සෝශල් මීඩියා සේරම බලාගන්නෙ මල්ලි නිසා..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now