අංජලී පිටිපස්ස හැරිලා බලනවත් එක්කම අංජලීව ඇදිලා ගිහින් බිත්තියට තද උනේ අතේ තියෙන ෆෝන් එක බිමට අතෑරෙද්දි..
"ඉතිං බබා කොහොමද?? ගොඩක් කාලෙකින්" හුරුපුරුදු සුවඳක් එක්ක ඇහුනු ඒ කටහඬ අදුරගන්න අංජලීට තප්පරයක්වත් ගියේ නෑ.. ආමන්ඩ් සුවද මුසු වෙච්චර රෝස මල් සුවද.. අංජලීට කවදාවත් අමතක කරන්න බැරි සුවදක්..
"ජීමින්.." අංජලීගෙ කට වැහිලා තිබුණ අත අයින් වෙද්දි කෙල්ලට කියවුනා.. ඒත් එක්කම රූම් එකේ ලයිට්ස් ඔන් උනා.. අංජලීගෙ ඉස්සරහා ඉදියෙ ජීමින්..
"ජ් ජී ජීමින්.." ජීමින්ගෙ හුස්ම අංජලීගෙ මූණෙ වදිද්දි අංජලී වෙව්ලන කටහඩින් ජීමින්ගෙ නම කිව්වෙ ජීමින්ගෙ මුව අගක හිනාවක් ඇදෙද්දි.. අංජලී ජීමින්ගෙ මූණ පුරා කලබලෙන් ඇස් ගෙනිච්චා.. පුංචි වෙනසක්වත් වෙලා නෑ.. අංජලීට හිතුනා.. අන්තිමට අංජලීගෙ කෝපි පාට ඇස් ජීමින්ගෙ අළු ඇස් ඇතුලෙ අතරමං උනා.. අංජලී එයාගෙ අතක් හෙමිහිට ජීමින්ගෙ මූණ ළඟට අරගෙන ආවා.. ඒත් එකපාරටම අංජලී අත් දෙකම ජීම්න්ගෙ පපුවට තියලා ජීමින්ව තල්ලු කරා.. ජීමින් ඒක බලාපොරොත්තු උනා වගේ හිනා වුණා..
"ඔයා කොහොමද ඇතුලට ආවෙ.." අංජලී බිත්තියට හේත්තු වෙලා ඉන්න ගමන්ම ඇහුවා..
"මේකෙන්.." අංජලීට කී කාඩ් එකක් පෙන්නලා ජීමින් කියද්දි අංජලීගෙ ඇස් ලොකු උනා.. අංජලී තමන්ගෙ සාක්කුවෙ තිබ්බ කී කාඩ් එක අතට අරගෙන ඒක දිහා බලලා ජීමින්ගෙ අතේ තිබ්බ කී කාඩ් එක උදුරගෙන ඒක හරව හරව බැලුවා..
"ආහ්හ්හ්.. ඉමර්ජන්සි කී කාඩ්!!! ඒ කොහොමද?? ඔයාට කොහෙන්ද මේක.." අංජලී ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. හොටෙල් රූම් එකක ඉමර්ජන්සි කී කාඩ් එක තියෙන්නෙ මැනේජර් ගාව විතරයි..
"ඔයා හිතන්නෙ මේකෙ අයිතිකාරයා කවුරු කියලද??" රූම් එකේ බිත්ති පුරා ඇස් යවලා අහද්දි අංජලීගේ ඇස් උඩ ගියා.. ජීමින් අංජලී දිහා බලාගෙන හිනා උනා..
"මරු තැන මං නවතින්න තෝරගත්තෙ.." අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගන්න ගමන් අංජලී කියද්දි ජීමින් "චෙලෝ.. චෙලෝ.. චෙලෝ.. ඔයා හැංගෙනවා නම් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.." කියද්දි අංජලී බිම බලාගෙන තොල් දෙක තද කරගෙන අහගෙන ඉදියා.. ජීමින් ගිහින් සෝෆා එකෙන් වාඩි උනා..
YOU ARE READING
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fanfiction(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...