අංජලී දැක්කෙ ජෙලී කියලා ලියපු බෝඩ් එකක් අල්ලගෙ දත් සෙට් එකම එළියෙ දාගෙන ඉන්න ජිනාව.. අංජලීට බිම පෙරළි පෙරලි හිනා වෙන්න හිතුනා..
"ජෙලී.. ඔයාව දැක්කෙ ගොඩක් කාලෙකින්.." ජිනා කිව්වෙ අංජලී දිහා බලලා..
"ඔන්නි.." අංජලී ජිනාව බදාගත්තෙ ජිනාව දැක්කෙ අවුරුදු ගානකට පස්සෙ කියලා හිතන ගමන්..
"ඕ.. කෙල්ල ලස්සන වෙලා.. එහෙන් කොල්ලෙක්වත් සෙට් උනාද??" ජිනා චුට්ටක් පිටිපස්සට වෙලා අංජලීගෙ උඩ ඉදන් යටට බලලා එකප්පාරම කියද්දි ට ලැජ්ජ හිතුනා..
"ඒයි.. නවත්තන්නකෝ" අංජලී කෑ ගහද්දි වටේ ඉදපු මිනිස්සුත් ඒ දෙන්නා දිහා බැලුවා.
"ඒයි... මෙතනින් යමු.. මේ මිනිස්සුත් බලන් ඉන්නවා.." අංජලී වටපිට බල බල කියද්දි ජිනා අංජලීගේ බෑග් ටික අරගෙන අංජලී එක්ක කාර් පාක් එකට ඇවිත් බෑග් ටික කාර් එකේ ඩිකියට දාලා ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උනා..
සොන්ග් ජිනා කියන්නෙ කොරියාවෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දරුවෙක්.. ජිනාගෙ තනි අයිතියට ශොපින් මෝල් එකක් පවා සෝල් නගරයේ තිබුනා.. ඒත් ජිනා කැමති වුනේ වොලන්ටියර් කෙනෙක් විදියට වැඩ කරන්න.. ජිනා ශොපින් මෝල් එකේ වැඩයි එයාගෙ වැඩයි සමබරව කරගෙන ගියපු නිසා ගෙදර අයගෙන් ඒකට ප්‍රශ්නයක් උනේ නෑ.. ඒත් එයාට කොරියාවෙන් පිට දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබුනෙ නෑ.. ආගිය තොරතුරු කියව කියව ආව ජිනා එකපාරම ජම්සිල්දොන් වල තිබ්බ ඇතුල් පාරක ලොකු ගේට්ටුවකින් ඇතුලට කාර් එක දාලා නතර කරා..
"හේයි මේ කෙහෙද??" අංජලී වටපිට බලන ගමන් ඇහුවා..
"මගේ ගෙදර.." ජිනා ශර්ට් එකේ කොලර් එක උස්සලා කිව්වා..
"ඇත්තද??"
"ඕ මොකද?? මෙහේ ඉන්න බෑ වගේද??"
"ඒයි පිස්සද ලස්සනයි අනේ.." අංජලී ශීට් බෙල්ට් එක ගලවලා කාර් එකෙන් බැහැලා වටපිට බැලුවා..
ජිනා අංජලීගෙ ඇක්ශන් දිහා බලාගෙන හිනා වෙනවා.. අඩි නවයක් විතර උස තාප්පෙකින් වට වෙච්ච තට්ටු දෙකට හදලා තිබ්බ ගෙයි බිත්ති ගඩොල් හැඩේට හදලා තිබුනෙ.. ලොකු මිදුලක් එක්ක නිදහස් පරිසරයක් තිබ්බ ගෙදරට අංජලීගෙ හිත ඇදිලා ගියා.. මුළු මිදුල වටේම ගස් වවලා මල් ඉන්දලා තිබුනේ..
YOU ARE READING
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fanfiction(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...