My anjel jiminaaa..
දන්නවද ඔයාගෙ කටහඬට මුලින්ම මං ආස කරේ ඔයාව ඇස් දෙකට දකින්න කලින්.. ඒ ස්වීට් වෙයිස් එකට මං පුදුම තරම් ආදරේ කරා.. මට දුක හිතුනු, සතුටු හිතුනු, තරහා ගියපු, ඕන වෙලාවක ඔයාගෙ කටහඬ අහන්න මං පුරුදු උනා.. මගේ හීනෙ උනේ ඔයාව දකින එක.. ඔයාව විතරක් නෙවෙයි ඔයාලා හත් දෙනාවම දකින එක.. UN meeting එකට ඔයාලා එනවා කියලා දැනගෙන ඉදියත් මං හිතුවෙ නෑ මට ඔයාලව එච්ච ළගින් දකින්න ලැබෙයි කියලා.. දන්නවද මං බය උනා, අදටත් බය වෙනවා ඔයාට කරදරයක් වේවි කියලා.. ඉතිං මං ආස නෑ මං හින්දා ඔයාට කරදරයක් වෙනවට..
ඔයාට මං ආදරේ කරන්නෙ ඔයා මාව දකින්නත් කලින් ඉදන්.. ඒ ආදරේ මට ඔයාව ලබාගන්න ඕන කියලා හිතෙන ආදරයක් නෙවෙයි මගේ මෝචි බබෝ.. ඔයා වෙනුවෙන් ඔයාව අතාරින්න මට පුලුවන්.. මගේ ආදරේ හැම ආමි කෙනෙක්ගෙම ආදරේ වගේ ඔයාව ආරක්ශා කරාවී..
මට සමාවෙන්න ඔයාට ලොකු දුකක් දීලා ඔයාව දාලා ඔයාට නොකියා යන්න උනාට.. මං දන්නවා මට සමාවක් ලැබෙන්නෙ නෑ කියලා.. ඔයාට පුලුවන්ද මට වෛර කරන්න.. එතකොට ඔයාට මං ගැන තරහක් දැනේවී.. මට ඔයාගෙ ජීවිතේට නෑවිත් ඉන්න තිබුනේ.. මං වාසනාවන්ත නෑ.. ඔයා වගේ පුංචි සුරදූතයෙක් මගේ කරගන්න..
ඉතිං මට ඔයාව දාලා යන්න වෙනවා.. ඔයා මං ඉන්න තැන හොයන්නෙපා ජිමින්... මගේ මෝචි බබෝ ඔයා ලස්සනයි.. අනිත් හැමෝම කන වෙලාවට නොකා ඉන්නෙපා.. එතකොට ඔයා එච්චර අමාරුවෙන් ඩයට් කරද්දි ආමිලට දුක හිතෙනවා.. ඔයා මහත නෑ.. ඇත්තමයි.. අඩන්නෙපා.. ආමිලා මාත් එක්ක තරහා වෙයි.. හිනා වෙන්න.. දුක හිතුනා කියලස් ලයිව් නෑවිත් ඉන්න එපා.. ඔයා එනකන් ගොඩක් අය බලාගෙන ඉන්නවා.. මං පොරොන්දු වෙනවා දුර ඉදන් ඔයාගෙ දිහා බලාගෙන ඉන්නවා කියලා.. දවසක ඔයාගෙ චූටි බබාලව බලන්න එනවා කියලා.. ඉතිං මං නවතිනවා.. ජිමිනා you nice keep going... සරන්හේ බේබි..
මං ඔයාගෙ චෙලෝ..
YOU ARE READING
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
Fanfiction(Completed) "හ්යුන්ග්, නම්ජූන් හ්යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...