"එන්න.." අංජලී ඔලුව උස්සලා බලද්දි ඇතුලට ආවෙ ජීමින්..
"ආ මේ... ජි ජීමින්.. ?? අංජලී පුටුවෙන් නැගිටලා ගොත ගගහා කතා කරේ ජීමින්ගෙ පැමිණීම බලාපොරොත්තු නොවුන නිසා..
"සේරටම කලින් කාලා ඉන්න.. මාව දැක්කම දුවන්න ඕන නෑ.. මං අල්ලන් කන්නෙ නෑ.."
අතේ තිබ්බ බෑග් එක මේසෙ උඩින් තියලා එහෙම කියපු ජීමින් කෙල්ලට වචනයක්වත් කියන්න ඉඩ නොතියා හැරිලා ගියා. අංජලී බෑග් එක ඇරලා බලලා පුටුවෙන් වාඩි උනේ ඇස් දෙකට පිරෙන කදුළු අතින් පිහිදාන ගමන්.. බෑග් එකේ තිබ්බෙ ශෝටීස් මහ ගොඩක් එක්ක කොෆී එකක්..
ජීමින් කැබින් එකෙන් එළියට ගිහින් බිත්තියට හේත්තු වෙලා පපුවට අත තියාගත්තෙ අංජලීව දැක්කම පපුව මැද්දෙන් හිරවෙන ගතිය නැති කරගන්න.. එක අතකින් නළල දෙපැත්ත තද කරගත්ත ජීමින් එතනින් අයින් වෙලා ප්‍රැක්ටිස් රූම් එක පැත්තට ගියා..
දවස් කීපයක් ගෙවිලා ගියේ අංජලී ජීමින්ව ටික ටික මගාරිද්දිමයි.. අංජලී HYBE එකට ආවත් ජීමින් ඉන්න තැන් වලට එන්නෙ නෑ.. ජීමින්ට පේන්නවත් ඉන්නෙ නෑ.. ජීමින් ටික ටික වැඩ එක්ක බිසී වෙද්දි කෙල්ලව දකින්නවත් නැතුව ජීමින් නොසන්සුන් උනා කිව්වොත් වැරදි නෑ..
අනිද්දට ඇමරිකන් ටුවර් එක.. ගිහින් එන්නෙ දවස් විස්සකින්.. ප්‍රැක්ටිස් වලට හිත යොමු කරගන්න බැරි තරමටම මේ වෙද්දි ජීමින්ගෙ ඉවසීම බින්දුවටම නැති වෙලයි තිබුණෙ.. යුන්ගි හ්‍යුන්ග් කල් දෙන්න කිව්වත් USA යන්න කලින් මේ ප්‍රශ්නෙ අංජලී එක්ක කතා කරලා විසඳගන්න ඕන කියලා ජීමින්ට හිතුනා..
අංජලී කැබින් එකේ ඉද්දි එක පාරටම ඇතුලට ආව ජීමින් දොර වහලා ලොක් කරලා අඩියට දෙකට කෙල්ල ළගට ආවා.. අංජලී බය වෙච්ච පාරට පුටුවෙන් නැගිටුනේ ඉබේටම.. අංජලී ගාවට ආව ජීමින් කෙල්ලගෙ අතේ වැලමිටට උඩින් අල්ල ගත්තා..
"තව කොච්චර දවසක් මාව මගාරින්න හිතාගෙන ඉන්නවද??" රතු කරගත්ත ඇස් වලින් ජීමින් අහද්දි අංජලී මොකුත් නොකියා ජීමින් දිහා බලාගෙන ඉදියා.. ජීමින් දත් කූරු කකා බලාගෙන ඉදියේ අංජලීගෙන් උත්තරයක් ලැබෙනකන්..
أنت تقرأ
_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJM
أدب الهواة(Completed) "හ්‍යුන්ග්, නම්ජූන් හ්‍යුන්ග් අදත් පාස්පෝට් එක නැති කරගෙන.. බනානා මිල්ක් එකක් කටේ ගහගෙන එතනට ආව කුකියා කියද්දි ජින්ගෙ රතු කට්ට පැන්නා.. " . . . . "මට ඔයාලාගෙන් දැනගන්න ඕන මෙච්චරයි.. ඇත්තටම ඔයාලා දෙන්නා අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනවද?" . . ...