🕎7🕎-POWER

340 86 6
                                    


අද මම උදේම නැගිට්ටේ හත වෙනකොට ජන්කුක්ගෙ කැබින් එක ගාවට යන්න​.මොක්ද මට ඊයෙ දවස මතක් වෙනකොටත් වමනෙට වගේ.මට ඒකට හොම් බට දෙකක් අනින්න හිතුනට මම ඉවසන් හිටියෙ ඕක මට හෙනයක් ගස්සවයි කියන සාදාරන සැකයක් තිබ්බ නිසා මොනා උනත් කුක්කා අහසට අදිපති දෙවියන් ගෙ පුතානේ.. නිකන් මොකටද අහක යන හෙන වද්ද ගන්නේ

''ආ දැන් තමුසෙ වෙලාවට වැඩ නේද​..''කුක්ක එහෙම කිව්වේ මන් දිහා බලල නොන්ඩියට හිනවෙන ගමන්.ඕකනෙ කරන්න බැරි මුගෙ ඔක්කොම ඉවසුවැහැකි ඔය අසමච්ජාති හිනාව තමා මට පේන්න බැරි..

''මම හැමදාම වෙලාවට වැඩ තමා. මේ කෙහෙල්මල් කැබින් එක අහස උඩ තිබුන් නැත්නම් මම ඊයෙත් වෙලාවට ඇවිත්..''

''මොනා උනත් තමුසෙගෙ කට නම් තියන්වා''

''තියනව තමා මගෙ කට මගෙ වචන කවුරුවත් ඒ ගැන හිතන්න ඕන්නැ''

''ඔව් ඔව් තමුසෙගෙ කට තමුසෙගෙ වචන ඒ උනාට මේ කන මගේ.'' කුක්කා එහෙම කිව්වේ එයාගෙ කන පෙන්න ගමන්..

''හා දැන් මම ඒක මගේ කිව්වද​''

''තමුසෙට කියල වැඩක් නැ මේම්මෙහෙ එනව දැන්.. පරක්කු වෙනවා.''

ජන්කුක් මට කිව්වේ මගේ හැකියාව අදුර ගන්න උත්සාහ කරන්න කියල​.ඒ කියන්නේ මගේ ඩෙමිගෝඩ් බලය ගැන​.මම කොව්වර උත්සාහ කලත් ඒ බලය ගැන මට කිසිම අදහසක් තිබුන්නැ.ඒක නිසා කුක්කා මට කොරපු නැති දෙයක නැ. මට ලස්සන මුද්දක් පෙන්නල මේක හොරකන් කරන්න හිතෙන්නැද්ද කියලා ඇහුව​, සංගීත බාන්ඩ පෙන්නල මේව ගහන්න හිතෙන් නැද්ද කියල ඇහුව​, ඊලගට මම මේ ලෝකේ දැකල තියන දිගම සමීකරනය දීල විසදන්න කිව්ව​, වයින් දැක්කම මොකද හිතෙන්නෙ ඇහුව​, අන්තිමට මාව වතුරට ත්ල්ලු කල්ල කියනව ඒකයට හුස්ම ගන්න කියලා.. ඇත්තමයි මේ යකා මේ ඩින් ගට මාවනොමර මැරුව​.. කොහොම හිටපු මටද මෙහෙම උනේ දෙයියනේ..

''තමුසෙනම් මෙහෙට වැරදිලා ආපු කෙනෙක්ද කොහෙද. තමුසෙට මෙලෝ දෙයක් බැනේ..''

''යැයි යැයි තමා.. දැන් මම මේ මගුල ඇදන් ඉන්නෙ කොහොමද කියනවකො.''

''යන් එහෙනම් වේල ගන්න​.''

''මෝ..''

කුක්ක මාව අරන් ආවෙ පොසෙයිඩන් ගෙ කැබින් එකට.

TO THE EDGE OF SKY|| COMPLETE||Where stories live. Discover now