🕎10🕎-I'M SORRY LOVE

380 86 4
                                    


මම දැන් උදෙන් නැගිටිනව එක්සයිස් කන්නව. කන්නව නෙමේ දෙයියනේ ඉබේ වෙනව​.. දුක තමා ඉතින්. මම උදේ එක්සයිස් කල්ල සටන් ප්රුදු වෙන තැනට ගියා. ලැජ්ජාවෙ බැ අප්ප එදා සීන් එක මතක් වෙද්දී මාව සීතල වෙලා ය්නෝ. මම කම්බුලටත් අතින් ගගහ යනකොට දන්නෙම නැතුව ගිහින් කුක්කගේ ඇගේ හැප්පුනා.

''තමුසෙ මොන ලෝකෙද ඉන්නේ.'' මම එත් එක්කම බැලුනෙ කුක්කගෙ මූන ඒ මුනෙ නම් කිසි හැගීමක් නැ හරියට ඊයෙ මුකුත් උන්නැ වගේ මේ මනුස්සයනම් ආ වැර්දුනා මූ අර්ධ දෙවියෙන්නේ හැබැයි ඊට වඩා හොදයි කටුස්සෙක් උනා නම් ඊයෙ මව බදා ගෙන ඉම් බ දැන් මෙතන ගිනි පිබිනවා.

''තමුසෙ මොකද මගේ මූන දිහා බලන් කරන්නේ කියනව ඉස්සෙල්ලා..'''' හරිනෙ ඔය කොර ගත්තේ මෙන්න මේ වෙලාවට තමා වලක් කපාන වැලලෙන්න හිතෙන්නේ.

''නැ මම මේ ඔයා දිහා බැලුවෙ නැ මදුරුවෙක් ඔව් මදුරුවෙක් ඔය පැත්තට ආව ඒකයි බැලුවේ. මම ඕකව අල්ල ගන්නමයි හිටියෙ මගෙ උරහිස​ කැව ඕක​.''

''ක හ්ම්ම්ම්.. හරි හරි පස්සේ ඕකව අල්ල ගන්නව දැන් මේ ටික පුරුදු වෙනවා.'' 

එහෙම්ම සතියක් විතර ගෙවිල ගියේ නොදැනීමයි මට ඉතින් පුරුදු විදියට සටන් වර්ග වගේම අපිට තියන අනිත් පන්තිත් එක්ක වෙලාව යනව තේරුන්නැ. කුක්ක ගැන නම් කතා කල්ල වැඩක් නැ කුක්ක මාත් එක්ක කතා කලේ ඕනම වෙලාවක විතරයි. අනේ මන් ද මේකත් එක්ක වලියක් අල්ලන් නැතුවත් පාලුයි.

ඒ සතිය ඇතුලත පොසෙයිඩන් කැබින් එකට අලුත් කෙල්ලෙක් ආව හෙලී කියල​. එයාව නම් කලින්ම් පිලිගෙන තිබුන නිසා එයාට පොසෙයිඩන් කැබින් එකට යන්න පුලුවන් උනා. ඒ අතින් මම හෙනම අවාසනාවන්තයි. ඒත් මට ඒ උඩැක්කියව පේන්න බැ කොයි වෙලේ බැලුවත් ඔප්ප ඔප්ප ගගා කුක්කගෙ පස්සෙන් මයි කුක්කටත් ඉතින් ඊට වඩා දෙයක් නැ නේ.. මල විකාර.. අනේ අම්මපා කොයි වෙලේ හරි මගෙන් තමා ඔය හෙලී පාඩමක් ඉගන ගන්නේ..තාම දන්නැ මේ ලීනගෙ හැටි .

හැමදාම හෙලී කැම කාල ඉවර උන ගමන් යන්නේ කුක්ක ගාවට ගිහින් කුක්කගෙ ඇගේ එල්ලිලා ඉන්නව වවුල වගේ. අදත් හෙලී කැම කාල ඉවර උන ගමන් ජූස් එකකුත් අරන් කුක්ක ගාවට ගියා එතකන් තමා මාත් බලන් හිටියෙ දෙන්නම් ජම්බු ... එහෙම්මම මම නැගිටල ගියේ කුක්කගෙ ටේබල් එක ගාවට ඒ සැනින් ක්‍රීයාත්මක උන මම මගේ අතේ හිටපු කැරපොත්ත හෙලී ගෙ ජූස් එකට අතැරල සුටුස් ගාල එතනින් මාරු වෙලා ගිහින් ඔප්පල ගාවින් වාඩි වෙලා බලන් හිටිය​.

TO THE EDGE OF SKY|| COMPLETE||Where stories live. Discover now