කට්ටිය කතා කරන අස්සෙ ලීන බියර් කැන් එකක් තොල ගගා හිටිය.ඒත් ලීන වැඩිය මත් වෙන්නැති වෙන්න වග බලා ගත්තා.ලීන කලේ කවුරුත් බලනවද කියල බලල හිමීට බියර් ලග තිබ්බ මල් ගහට හලපු එක.
''ඔමෝ ලීන ඔයා ඔය කැන් එකම බිව්වද.. තමුසෙ මාර බේබද්දියක් නෙ ඕයි.'' ටේ එහෙම කිව්වේ ලීන ගාව තියන බියර් කැන් එක අනිත් පැත්ත හැවල බියර් තියනවද කියල බලන ගමන්.
''හී ඒක තමා මාත් බැලුවේ..'' ලීන කලේ එයාට වෙරි නැතත් වෙරි වගේ රගපාපු එක.
''ලීන එච්චර වෙරි නැ නේද ඔයාට තනියම කැබින් එකට යන්න පුලුවන්නේ..''
''අපෝ ඔව් ජින් මට මට වෙරි නැ.''එහෙම කයපු ලීන බොරුවට වැනි වැනි නැගිට්ටෙ ලග තියන බියර් කැන් එකත් අරන්.. වැනි වැනිම ජන්කුක් ගාවට ගියපු කෙල්ල මුලු බියර් කැන් එකම ජන්කුක්ගෙ ඇගේ හැලුව.
''Oops! සොරි ඉන්න මන් පිහදාන්නම්'' ඒ කියල ජන්කුක්ගේ ඇදුම පිහදාන්න නැමෙනකොට අත වද්දල ජන්කුක්ගේ ලග තිබ්බ වයින් වීදුරුවත් ආයෙම ජන්කුක්ගෙ ඇගේ හැලුවා...
''ශිට්.. මගෙ ඇදුමේ ගන්න දෙයක් නැ..'' ජන්කුක් නැගිට්ටේ තරහෙන් වයින් හැලුන ඇදුම පිහදදා.
''හයෝන් දැන්මම මෙයාව මෙතනින් අරන් යන්න නැත්නම් ම්ම මොනා කරයිද දන්නැ...''ජන්කුක් එහෙම කිව්වේ දත්මිටි කාගෙන.. ලීනගෙ නම් මේ වෙලාවේ හිතින් මල් වෙඩි ගහන්වා.. ඒත් ලීන දන්නැ ජන්කුක් මුල ඉදලම ලීනගෙ රගපැම බලන් හිටිය වග.. ජන්කුක්ගෙ ඇස්දෙකට දෙයක් හන්ගන එක ලේසි නැ.. ලීන බියර් ගහට හලනව ජන්කුක් කලින් ඉදන්ම බලන් හිටියෙ..
----------------------------
කෙල්ල පහුවදා උදේ නැගිටිනකොට හයහමාරයි වෙලාව.. ලීන දඩිබිඩි ගාල ලැස්ති උනේ ජන්කුක් උදේ හතට එන්න කියපු නිසා.. කෙල්ල ජන්කුක්ගේ කැබින් එක ගාවට යනකොට හතට විනාඩි පහයි තිබුනේ.ඒත් දැන් ලීනට තියන බරපතලම ප්‍රශ්නේ ජන්කුක්ගෙ කැබින් එකට යන්නෙ කොහොමද කියන එක.. මොකද ඒක තිබුනේ උඩ නිසා..ලීන වටපිට බලනකොට දැක්කේ ජන්කුක්ගේ කැබින් එකේ ඉදන් බිමට වැටෙන ඉනමග දඩිබිඩි ගාල ඒකට නැගල උඩට යනකොට කෙල්ල දැක්කේ ජන්කුක් ඔරලෝසුව දිහා බලන් ඉන්නවා.
YOU ARE READING
TO THE EDGE OF SKY|| COMPLETE||
Fanfiction''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්..'' WELCOME TO THE CAMP HALF-BLOOD....