🕎11🕎-STAY

389 78 0
                                    

ආයෙත් ඇහැරෙනකොට මම හිටියෙ මගෙ ඇද උඩ..මම හැමෝගෙන්ම ඇහුවත් කව්රුවත් දැනගෙන හිටියෙ නැ මාව ඇද උඩින් තිබ්බෙ කව්ද කියල​. මොකද ඒ වෙලාවෙ කව්රුවත් හේමීස් කැබින් එකේ ඉදල නැ.

අද කුක්කත් එක්ක ද්වන්ද සටනක් තියන්වා. තරගෙත් ලග ලගම එන නිසා එහෙම එකක් තිබ්බොත් හොදයි කියල​. වෙනදට කුක්කත් එක්ක තනියම සටන් පුරුදු උනාට අද ඔප්පල ටිකත් එනව කිව්ව සටන බලන්න​. මෙහෙම එකක් තිබ්බට මට තාම කුක්කත් එක්ක හොදට සටන් කරන්න බැ. කොහොමත් කුක්ක හෙලී එක්ක ඉන්නව දැක්කට පස්සෙ මට ඕන උන්නැ කුක්කගෙ මූන බලන්නවත්. කුක්කව දකින වාරයක් ගානෙ මට මැවෙන්නෙ කුක්ක හෙලී එක්ක හිටපු විදිය​.

කුක්කගෙයි මගෙයි සටන පටන් ගත්තම පුරුදු විදියට උනේ ඉතින් මම කුක්කගෙ ප්‍රහාර් මගැරිය එක තමා. ඒත් කුක්ක වෙනදට වඩා වේගව්ත් ඒ මූනෙ කිසිම හැගීමක් නැ.. ඇයි කුකී ඔයා මට එහෙම කලේ මම හොද මදිද ඔයාට. ඔව් ඉතින් ඔයා සීයුස්ගෙ පුතෙක් මම කව්ද මාව තාම පිලිගෙනවත් නැ... මම ඔයාගෙ තත්වෙට ගැලපෙන්නැ නේද. කමක් නැ ඔයාගෙ සතුටයි මට වටින්නේ.. මම එහෙම කුකීගෙ මූන දිහාම බලාගෙන කල්පනා කර කර සටන් කරන අතරේ එක පාරටම මට උරහිස්සෙන් දැනුනේ කුකීගෙ කඩුව මගේ උරහිස​ හරහ යන වග​. ඒ පාහරේ වේදනාවට මාව බිම දන ගැස්සුනත් මම මාව බිමට වැටෙන එක මගේ කඩුව බිමට තියල නවත්ත ගත්ත​.

''ජන්කුක් මොකද්ද ඒ තමුසෙ කලේ මිනිහෝ..'' අනිත් ඔප්පල එහෙම කැ ගහන්ව ඇහුනත් එයාලට මෙතෙන්ට එන්න බැ මොකද තාම සටන ඉවර නැ.. ඒත එක්කම මම බැලුවෙ කුකීගෙ මූන දිහා ඒ මූනෙ තිබුනෙ හිනාවක් ඔව් කුකී මට කට කොනින් හිනා උනා. මට දැනුන මගේ ඇස් වලින් කදුලු කඩන් වැටෙන වග ඔයාට මාව මරන්නද ඕන කුකී එහෙමද​. 

ඒත් එක්කම මම දැක්කේ කොහෙද මන් ද ඉදපු හෙලී මට අමුතු විදියට හිනා වෙලා කුකීව බදා ගන්නව​. ඒක දකිනකොට දැනුනේ මාව ඇවිලෙනව වගේ මට තරහයි දුකයි මට ඒ දුක පිට කරන්න ඕන​. ඒත් එක්කම කඩුවට බර දිලා නැගිට්ට මම කුකීට ප්‍රහාරයක් එල්ල කලා ඒත් එක්කම හෙලීව පිටි පස්සට කරපු කුකී බොහොම ලේසියෙන් ඒක මගැරියෙ අර හිනාව එහෙම්මම තියෙද්දි. මට තේරෙනව මගෙ උරහිසින් ලේ ගලනව කියල ඒත් මට ගානක් නැ... මම එහෙම්ම කුකීට එක පිට එක ප්‍රහාර එල්ල කලා කුකී කොච්චර දක්‍ෂයෙක් උනත එයාටත් ඒව මගාරින්න අමාරු උනා.. අනිතිමට කුකී මට ප්‍රති ප්‍රහාර එල්ල කන්නවත් එක්කම මගෙ කඩුව එයාගෙ කඩුව වටා කරකෝල ගත්ත මම මගේ කඩුව එයාගෙ බෙල්ලෙන් තිබ්බේ කඩුව එයාගෙ අතින් ගිලිහිලා යනකොට.ඔව් මට ඒ වෙලාවේ මගෙ තාත්තගෙ බලය දැනුන මට ඒරීස්ගෙ බලය දැනුන. ඒත් එක්කම සටන් පිටිය මැද හෙල්ලක් සහ පලියක් මැව්නා ඒ ඒරීස්ගෙ ලාන්ජනේ ඔව් කොහොමහරි තාත්ත මාව පිලිගත්ත මම එයාගෙ දුවෙක් කියල​. මට ඒ වෙලාවෙ දැනුනෙ සතුටක්ද දුකද්ද කියන්න තේරෙන්නැ.

TO THE EDGE OF SKY|| COMPLETE||Where stories live. Discover now