ගිම්හානයේ හිරු රැස් එකින් එක පොළවට වැටෙද්දි ජිමින් අතේ තිබ්බ සුදු රෝස මල් පොකුර අතින් ගුලි කරගෙන ඉස්සරහට අඩිය තිබ්බා..
වේගෙන් හමාගෙන ආපු හුළඟට අහුවුණ මල් පෙති ගොඩක් කොල්ලගෙ ඉස්සරහා තිබ්බ සොහොන් කොත් නාවගෙන බිමට වැටෙන විදිහ කොල්ලා බලාගෙන හිටියෙ පොඩි හිනාවක් මූණට මවාගෙන..
මවාගෙන??
ඔව්..ජන්ග්කුක්ගෙ විතරක් නෙමෙයි..ජිමින්ගෙ ජීවිතෙත් තිබ්බෙ මවාගත්ත හිනාවක් විතරයි..
"Jeon Yebin" "Jeon Jungbin"
ජිමින් ඒ සොහොන් කොත් මැදිවෙන්න අතේ තිබ්බ රෝස මල් පොකුර බිමින් තියලා ඒ ස්මාරක දෙක උඩින්ම අත තිබ්බා..
"ඉතින් කොහොමද යේබිනා..ජන්ග්බිනා??"ජිමින් ඇහුවෙ හීනි හඬකින්..
කොල්ලට දැනුනෙ කොල්ලගෙ උගුර හිරවෙලා වගේ..ජිමින් වෙව්ලන යටිතොල හපාගෙන හිනාවෙන්න උත්සහා කළා..
"අවුරුද්දක් යේබිනා..ඔයයි පැටියයි දෙන්නම ජන්ග්කුක්ගෙ හුස්ම අරගෙන ගිහින් අවුරුද්දක්..පේනවද ඒකා විඳවන තරමක්??"ජිමින් හිමින් හඬ අවධි කළා..
"මට..මට මුකුත්ම කරගන්න බෑ යේබිනා..ජන්ග්කුක්..ඌ හදන්නෙ ඔයාලා ගාවට එන්න..මට බයයි යේබිනා..මට ජන්ග්කුක්ව නැතිවෙයි කියලා බයයි..ඇයි ඔයා මට මෙහෙම කරේ නංගි??ඇයි ඒ...??"ජිමින් වේදනාවෙන් ගැහෙන හදවත උඩින් අතක් තියාගෙන ඉකිබිඳින්න ගත්තෙ අසරණකමේ අනන්තයටම ගිහින් ඉන්නකොට..
ජිමින් ඇස්වලින් වැටෙන කඳුළු නිසා බොඳ වුණ ඇස්වලින් Jeon Jungbin කියලා නම් වුණ පුංචි සොහොන් කොත අතගෑවා..
"පැටියෝ..ඔයාගෙ අප්පා ගොඩක් අඬනවා පැටියෝ..සම්චොනුත් අඬනවා..දුක නැද්ද පැටියෝ..අප්පා ඔයාව රෑ හීනෙනුත් හොයනකොට..ඔම්මත් එක්ක අප්පා ගාවට දුවලා එන්න හිතෙන්නෙ නැද්ද??"
ජිමින් ඇස්වල කඳුළු එක්කම ස්මාරක උඩින් වැටිලා තිබ්බ මල් පෙති..කොළ රොඩු අත් වලින්ම අයින් කරා..
කොල්ලා වාඩි වුණේ යේබින්ගෙ ස්මාරකයට පිට හේත්තු කරගෙන..
"ජන්ග්කුක්ට හොරෙන් ආවෙ යේබිනා..මම කොහොමද ඌව එක්කගෙන එන්නෙ..??ඔප්පා එක්ක තරහා වෙන්න එපා පැටියෝ..මට බෑ ජන්ග්කුක්ට අඬන්න තවත් හේතු හොයලා දෙන්න.."
"යේබිනා..මතකද ඒ දවස්??අපේ ලස්සන අතීතය අඳුරු මතක වලට හැරෙව්වෙ ඇයි කියලා මට ඔයාගෙන් අහන්න ඕනෙ යේබිනා..ඒත් කොහෙන්ද උත්තර??ඔයා අපි ලඟ නැතිකොට..??"
YOU ARE READING
Hyung | PJM x JJK | Completed
Fanfiction"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"