"රීනල් ෆේලියර් එකක්..??"ජිමින් ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න බැරුව ඩොක්ටර් දිහා ඔහේ බලාගෙන හිටියා..
"ඔව් මිස්ටර්..ජන්ග්කුක් දැන් ඉන්නෙ රීනල් ෆේලියර් එකක (වකුගඩු අකර්මණ්‍ය වීම)..ඒ වගේම එයාගෙ තත්වය එච්චර සතුටුදායක නෑ.."ඩොක්ටර් කියද්දි ජිමින් පුටුවකට වාරු දුන්නෙ කිසි දෙයක් හිතාගන්න බැරුව..
"එයා දීර්ඝ කාලීනව උග්‍ර ලෙස මත්පැන් වලටත් දුම් බීමටත් පුරුදු වුණ කෙනෙක් මිස්ටර්..ජන්ග්කුක් එයාගෙ රීනල් ෆේලියර් එක ගැන දැනගෙන හිටියා.."
"මො..මොකක්??"
"හ්ම්ම්..දැන් මාසෙකට විතර කලින් ජන්ග්කුක් මං ගාවට ආවා..ට්‍රීට්ස්මන්ට් වලට..මම ඒ වෙලාවෙදි එයාට කිව්වා පරක්කු නොවි හොස්පිටලයිස් වෙන්න කියලා..ඒත් ජන්ග්කුක් ඒ ගැන තැකීමක් කරේ නෑ..මේ වතාවෙදි..ඊටත් වඩා තත්වය බැරෑරුම්.."
ජිමින් අසරණ වුණා..කොල්ලට දැනුනෙ මහා බයක්..යේබින් වගේ ජන්ග්කුක්වත් නැති කරගන්න කොල්ලා කැමති වුණේ නෑ..
"දැන්..අපි මොකද කරන්නෙ ඩොක්ටර්??"
"මේක බැරෑරුම් තත්වයක් මිස්ටර්..එයාගෙ ජීවිතේට බලපාන දෙයක්.."
"කොහොමද අපිට ජන්ග්කුක්ව සනීප කරගන්න කරන්න පුළුවන්??"
"අපිට ඩයලයිස් කරන්න වෙනවා..ඒ වගේම..පුළුවන් ඉක්මනට ජන්ග්කුක්ට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා..මොකද ජන්ග්කුක්ගෙ වකුගඩු දෙකම විනාස වෙලා ගිහින් තියෙන්නෙ.."ඩොක්ටර් කතා කළේ ජිමින්ගෙ උරහිසට අතක් තියාගෙන..
ජිමින් අත් දෙකෙන්ම කොල්ලාගෙ කෙටි කොණ්ඩය ඇදගත්තා..
"මට ජන්ග්කුක්ව බලන්න ඕනෙ ඩොක්ටර්.."ජිමින් කිව්වෙ වාඩිවෙලා ඉන්න තැනින් නැගිටින ගමන්..
"රූම් එකට යන්න මිස්ටර්..ඒත් ජන්ග්කුක්ට තවම සිහිය නෑ..කමක් නෑ එයත් එක්ක කතා කරන්න..එයාගෙ මනස ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.."
ජිමින් ජන්ග්කුක්ගෙ රූම් එකට ගියෙ ගැහෙන හිතින්..ජන්ග්කුක්ව දැක්කම කොල්ලාගෙ හුස්ම නතර වුණා..
මැලවුණ මූණ වහගෙන තිබ්බ ඔක්සිජන් මාස්ක් එක..කොල්ලාගෙ වම් අත සිදුරු කරලා තිබ්බ සේලයින් කටුව..ජිමින් කවදාවත් ජන්ග්කුක්ව මේ විදිහට දකින්න බලාපොරොත්තු වුණෙ නෑ..
ජිමින් සද්ද නැතුව කොල්ලාට එහා පැත්තෙන් වාඩි වුණා..ඒත් ජන්ග්කුක් දන්නෙවත් නෑ..කොල්ලාගෙ හියොන්..කොල්ලා ගාවින් වාඩිවෙලා ඉන්නවා කියලා..
"ජන්ග්කුක්..උඹ කරපු ඉල්ලීම..උඹට යේබින් ගාවට යන්න දෙන්න කියපු ඉල්ලීම..ඒක මට ඉෂ්ට කරන්න බෑ ජන්ග්කුකා..සමාවෙයන්..මට බෑ උඹට මැරෙන්න දෙන්න.."ජිමින් ජන්ග්කුක්ගෙ නළල අගිස්සට රැඳුණ දාඩිය බිංදු අතින් පිහිදාන ගමන් කතා කළා..
"උඹ මගෙ මල්ලි ජන්ග්කුකා..කොහොමද කියපන් උඹව නැති කරගන්නෙ මම..?"
"මම කොයි විදිහකින් හරි උඹව බේරගන්නවා ජන්ග්කුක්..පොරොන්දු වෙනවා.."
ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ඔළුව උඩින් කොල්ලාගෙ අත තියලා දිවුරලා..
_______________
කතාව කම්මැලියි වගේද?? 😕😕😕
YOU ARE READING
Hyung | PJM x JJK | Completed
Fanfiction"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"