Chapter 6

568 183 19
                                    

"කැහ්...කැහ්..කැහ්..."

ජන්ග්කුක්ගෙ කාමරෙන් ඇහුණ නොනවතින වියළි කැස්සෙ හඬට ජිමින් නින්දෙන් අවධි වෙලා ‌දිව්වෙ ජන්ග්කුක්ගෙ රූම් එකට..

ජිමින් දොර ඇරගෙන යද්දිත් ජන්ග්කුක් ඇඳ උඩ වාඩි වෙලා අත් දෙකෙන්ම පපුවත් මිරිකගෙන කහින ගමන් හිටියෙ..

"ජන්ග්කුක්..??ජන්ග්කුකා...කියපන් ඇයි මේ??"ජිමින් දුවලා ගිහින් ජන්ග්කුක් ගාවින් වාඩි වුණේ කොල්ලාගෙ පිට අතගාන ගමන්..

නවතින පාටක් නොතිබුණ කැස්ස දිගින් දිගටම පැවතෙද්දි ජන්ග්කුක් ජිමින්ගෙ අතින් තදට අල්ලගත්තෙ උදව් ඉල්ලනවා වගේ..

"ජන්ග්කුක්..ඇයි කියපන් මල්ලි මේ??"

"හි..හියොන්..මම..හොඳින්..."ජන්ග්කුක් වචන ගැටගහගත්තෙ අමාරුවෙන්..

"නෑ..උඹ හොඳින් නෙමෙයි..අපි හොස්පිටල් යමු.."ජිමින්ගෙ කටහඬ දැඩිවුණා..

"හියොන්..මට..මොනවා හරි වුණොත්..චේබල්.මට මැරෙන්න දෙන්න..මට යේබින්..ගාවට යන්න ඕනෙ.."ජන්ග්කුක් ජිමින්ගෙන් ඉල්ලුවෙ අසරණ විදිහට..

"මොනවද මේ කියවන්නෙ ජන්ග්කුකා??"ජිමින් ජන්ග්කුක්ගෙ කම්මුල් දෝතට අරගත්තා..

එතකොටයි කොල්ලා දැක්කෙ..

වෙනදාටත් වඩා ජන්ග්කුක්ගෙ සුදුමැලි වුණ මූණ..දම් පාටට හැරුණ තොල් දෙක..රතු වුණ ඇස් දෙක..

"ජන්ග්කුක්.."

ජන්ග්කුක් හරි ලස්සනට ජිමින් එක්ක හිනාවුණා..

එකපාරම අමාරුවෙන් ඇරගෙන හිටිය ඇස් පියවිලා ජන්ග්කුක්ව ජිමින්ගෙ අත් දෙක උඩටම කඩාගෙන වැටුණෙ ජිමින් කෑ ගහද්දි..

"ජන්ග්කුක්..අන්ද්වේ...!!!!"

Hyung | PJM x JJK | CompletedTahanan ng mga kuwento. Tumuklas ngayon