හොස්පිටල් එකේ emergency room එක ඉස්සරහා ඉඳගෙන ජිමින් සන්සුන් විදිහට හිටියත් කොල්ලාගෙ හිත ඇතුළ නම් යුද්ධයක් වගේ..එක පිට එක වදින ඇඟිලි..වෙව්ලුම් කන දෙපා..සේරම එක්ක ජිමින් සන්සුන් වෙන්න උත්සහා කරනවා..
"එදත් මෙහෙමයි.."ජිමින් තමන්ගෙම හිතට කතා කළා..
*Flashback
emergency room එක ඉස්සරහා ඉඳගෙන ජන්ග්කුක් අත් දෙකෙන්ම ඔළුව බදාගෙන හිටියෙ වචනයක්වත් කතා කරගන්න පණක් නැතුව..ජිමින් කොල්ලාගෙ පිටට හිමින් තට්ටු කරමින් හිටියෙ ජිමින්ටත් මේ වෙලාවෙ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව..
ජන්ග්කුක් ඔළුව ඔස්සලා ජිමින්ගෙ අතකින් අල්ලගත්තා..
"හියොන්...එයාලා කොහොමද එහෙම කියන්නෙ හියොන්??ආ..එයාලා..එයාලා කොහොමද කියන්නෙ මගෙ යේබිනාවයි පැටියවයි බේරගන්න බැරිවෙයි කියලා..??"ජන්ග්කුක් අහගෙන ගියෙ වියරු වැටිලා වගේ..ජිමින් කොල්ලාගෙ ඔළුව අතගෑවා..
"කලබල වෙන්න එපා ජන්ග්කුක්...අපි බලමුකෝ.."
"බෑ හියොන්..අනේ මට එයාලා නැතුව ජීවත් වෙන්න බෑ..මගෙ යේබින්වයි දරුවයි බේරගන්න කියන්න හියොන්..චේබල්.."ජන්ග්කුක් ජිමින්ව බදාගෙන ඇඬුවෙ කොල්ලා සැමියෙක් විදිහටත් පියෙක් විදිහටත් අන්තිම අසරණ වෙද්දි..
ජිමින්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ..ජන්ග්කුක්ගෙ හිත හදන්න උත්සහා කරනවා ඇරෙන්න කොල්ලට මුකුත්ම කරගන්න බෑ..එක අතකින් ජන්ග්කුක් සිහිවිකලෙන් අඬද්දි..අනිත් අතින් කොල්ලට නංගි වගේ හිටිය යේබිනුයි දරුවයි පණ අදිනවා..දෙපැත්තකට කොටු වෙලා තියෙන ජිමින්ගෙ හිත හඬා වැටෙනවා..
ජිමිනුත් හිටියෙ ජන්ග්කුක්ටම නොදෙවෙනි තත්වෙක..
emergency room එකේ දොර ඇරගෙන ආපු ඩොක්ටර්ව දැක්ක ගමන් ජන්ග්කුක් දුවගෙන ගිහින් ඩොක්ටර්ගෙ අතකින් එල්ලුණේ පොඩි ළමයෙක් වගේ..
"ඩොක්ටර්..මගෙ වයිෆ්..දරුවා..එයාලා හොඳින් නේද??"
ජන්ග්කුක් ඇහුවත් ජිමින් ඩොක්ටර්ගෙ බලාපොරොත්තු සුන් වුණ බැල්මෙන්ම ජිමින් හැමදේම තේරුම් ගත්තා..ජන්ග්කුක්ටත් ඒ බලාපොරොත්තු කඩවුණ ස්වරූපය පේන්න ඇති..ඒත් කොහොමද කොල්ලා ඒක පිළිගන්නෙ..??
"මට සමාවෙන්න මිස්ටර්..ඒත්..අපිට බැරිවුණා ඒ දෙන්නවම බේරගන්න.."ඒ වචන ටිකත් එක්ක ජන්ග්කුක් දණින් වැටුනෙ ඇඟ පණ නැති වෙනවා වගේ..
ජිමින්ගෙ ඇස්වලින් නිසලවම කඳුළු කඩන් වැටෙන්න ගත්තා..
"පේෂන්ට් පහුකළේ අමාරු තත්වයක් මිස්ටර්..බබාව එන්ට්රන්ස් එකේ හිර වුණා..අපි අපේ උපරිමය කළා..ඒත්..සමාවෙන්න.."
ජන්ග්කුක් කෑ මොර දෙන සද්දෙ හොස්පිටල් එක පුරාම පැතිරෙද්දි ජිමින් room එක ඇතුලට ගියා..
කොල්ලා බලාගෙන හිටියෙ යේබින්ගෙයි දරුවාගෙයි පණක් නැති සිරුරු දිහා..
"මට..එයාව වඩාගන්න පුළුවන්ද??"බිඳිලා ගිය කටහඬකින් ජිමින් ඇහුවෙ එතන හිටිය නර්ස්ගෙන්..නර්ස් ඔළුව වනලා පොඩි දරු පැටියව ජිමින්ගෙ අත් දෙක උඩින් තිබ්බෙ පරිස්සමට..එහෙමත් නැත්නම් පැටියගෙ මලකඳ ජිමින්ගෙ අත් දෙක උඩින් තිබ්බෙ පරිස්සමට..
කොල්ලා ටිකක් වෙලා ඒ ලස්සන මල් කැකුල දිහා බලාගෙන හිටියා..ඒ මල් කැකුල පිපෙන්නත් කලින්ම පරවෙලා ගිහින්..කොල්ලා ඒ පැටියගෙ කම්මුල් ඉම්ඹෙ ආදරෙන්..
ජිමින් පොඩි කෙල්ලව අතේ තියාගෙනම යේබින්ගෙ ඔළුව අතගෑවා..
"පැටියා හරි ලස්සනයි යේබිනා..ඔයා වගේ..ඇස් දෙකනම් ජන්ග්කුක් වගේ.."
"ඔයා ළාමක වැඩියි යේබිනා..පොඩි තුවාලෙටත් අඬන ඔයා දරුවෙක් වදන්නෙ කොහොමද??ඔයා ශක්තිමත්..ගොඩක්..ඒ නිසා..ඒක ඔයාගෙ වරදක් නෙමෙයි..අරස්සෝ??"ජිමින් කතා කළා..ඒත් යේබින්ගෙ ශරීරයට..කෙල්ලගෙ ඔළුව අතගගා ජිමින් කතා කළේ වෙනදා විදිහටම..
රූම් එකෙන් එළියෙ ඉඳන් ජන්ග්කුක් විලාප දීලා අඬද්දි ජිමින් ජන්ග්කුක්ගෙ දරුවාගෙ මිනිය බදාගෙන අඬන්න ගත්තෙ කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න..
*End Flashback
කොල්ලාටත් හොරා ඇස්වල පිරුණ කඳුළු ජිමින් හීන්සීරුවෙ පිහිදාගත්තා..කොල්ලාගෙ තොල් අතර මැවුණ හිනාව බොරුවක් වුණත් කොල්ලා ඒ විදිහට හරි හිනාවෙලා ඉන්න උත්සහා කළා..
"ඔයාද පේෂන්ට්ගෙ භාරකාරයා??"ඩොක්ටර් කෙනෙක් ජිමින් ගාවට ඇවිත් අහද්දි කොල්ලා වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙ ඉද්ද ගැහුණා වගේ..
"ඔව්..ඒ මගේ මල්ලි..මගෙ මල්ලිට කොහොමද ඩොක්ටර්..??"ජිමින් ඇහුවෙ කලබලෙන්..
ඩොක්ටර් බර සුසුමක් හෙළුවා..
"මිස්ටර්..ඔයාගෙ මල්ලි..."
YOU ARE READING
Hyung | PJM x JJK | Completed
Fanfiction"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"