ජන්ග්කුක් ජනේලෙන් බලාගෙන හිටියෙ එළියෙ සෙල්ලම් කරන පොඩි පැටවු දිහා..කොල්ලාගෙ තොල් අතර ආකර්ෂණීය අහිංසක හිනාවක්..කොල්ලා ජනේලෙන් මෑත් වෙලා මේසෙ උඩ තියලා තිබ්බ ෆොටෝ එක අතට ගත්තා..
ඒක කොල්ලාගෙයි ජිමින්ගෙයි ෆොටෝ එකක්..ජන්ග්කුක් ඒක කොල්ලාගෙ කාර්යාල කාමරේ මේසෙ උඩින්ම තියාගෙන හිටියෙ කොල්ලා ලබපු අලුත් ජීවිතේට හොඳම හේතු සාධකය වුණ ජිමින්ට ගරු කිරීමක් විදිහට..
"අප්පා.."ඒ සද්දෙත් එක්ක ජන්ග්කුක් ෆොටෝ එක මේසෙ උඩින්ම තියලා පිටිපස්සට හැරුණා..
හිතන්නත් කලින් පොඩි පැටවු දෙන්නෙක් ජන්ග්කුක්ගෙ කරට පැන්නෙ කොල්ලව අඩි දෙකක් පස්සට විසි වෙද්දි..
"සූනා..මින්..මොකද මේ දෙන්නත් එක්ක??"ජන්ග්කුක් ඒ දෙන්නව වඩාගෙනම ඇහුවා..
"අප්පා..අලගොල්ලෝ..අපිත..තීතෝ එක දෙන්නෙ..ලෑ.."හුරතල් හඬකින් ඇඟිල්ලකුත් කටේ ඔබාගෙන කියන පොඩි කෙල්ල දිහා ජන්ග්කුක් බලාගෙන හිටියා..
"කවුද මගෙ පැටවුන්ට සීසෝ එක දෙන්නෙ නැත්තෙ??"
"අල..අලගොල්ලො..අපිත එල්ල..එපා කූවා.."ජන්ග්කුක්ගෙ අතේ හිටිය කොලු පැටියා අත දික් කරලා පෙන්නුවෙ සීසෝ එක වටේ ඉඳගෙන සෙල්ලම් කරන ළමයි ටිකක්ව..
ජන්ග්කුක් අතේ හිටිය කෙල්ලවයි කොල්ලවයි බිමින් තියලා පැටවු දෙන්නා ගාවට පාත් වුණා..ජන්ග්කුක් පොඩි පැටවු දෙන්නගෙ අත් අරගෙන තුරුළු කරගත්තෙ ආදරෙන්..
"මේ අහන්නකො මගෙ මැණිකලා..අපි හැමෝම එක පවුලක්..මම..ජිමින් අප්පා..ඔයාලා..හැමෝම එකම පවුලක්..අපිට ඉන්නෙ අපි විතරයි..තේරුණාද මගෙ පැටවුන්ට..කවදාහරි දවසක අපිට මේ ලෝකෙ කවුරුත්ම නැති වුණාම..අපි වෙනුවෙන් ඉන්නෙ අපි විතරයි..ඒ නිසා..මේ පවුල ඇතුළෙ..රණ්ඩු කරන්න තරහා වෙන්න හොඳ නෑ මැණික.."ජන්ග්කුක් එහෙම කියලා පොඩි ළමයි දෙන්නව පපුව අස්සෙ හංගගත්තා..
"මටත්..මේ ලෝකෙ මගේ කියලා හිටිය අය නැතිවෙලා..මම තනිවුණාම..මං ගාව හිටියෙ ජිමින් අප්පා පැටියෝ..ජිමින් අප්පා නිසා තමයි අද ඔයාලගෙ කුකී අප්පා හුස්ම ගන්නෙ..ඒ වගේම බිඳෙන්නෙ නැති බැඳීමක් ඔයාලා අතරත් තියෙන්න ඕනෙ.."ජන්ග්කුක් පැටවු දෙන්නාගෙ ඔළුව අතගගා කිව්වෙ හිමින්..ජන්ග්කුක්ගෙ වචන තේරුණේ නැතිවුණත් කොල්ලාගෙ සැනසිලිදායක වචනත්..දයාබර උණුසුමත් එක්ක පොඩි කෙල්ලයි කොල්ලයි ජන්ග්කුක්ට ගුලි වෙලා හිටියා..
YOU ARE READING
Hyung | PJM x JJK | Completed
Fanfiction"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"