Chapter 9

523 182 11
                                    

සතියක්ම ගෙවුණා..ඒත් ජන්ග්කුක් ඇස් ඇරියෙ නෑ..කොල්ලාගෙ තත්වය තව තවත් නරක අතට හැරෙමින් තිබුණා..බිඳෙන් බිඳ ඇඟට ඇතුළු වෙන සේලයින් වලින් විතරක් ජන්ග්කුක්ට තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ..

ජිමින්..කොල්ලා පැය විසි හතරම ජන්ග්කුක් දැන් ඇස් අරියි..දැන් ඇස් අරියි කියලා බලාගෙන හිටියා..ජන්ග්කුක් ගාවින් හෙලවෙන්නෙවත් නැතුව..

"මට තවත් බලන් ඉන්න බෑ ජන්ග්කුක්..සමාවෙයන් උඹෙන් අවසර නොගෙනම මෙහෙම දෙයක් කරනවට.."ජිමින් ජන්ග්කුක්ගෙ නළලට වඅටිලා තිබ්බ පොඩි කොණ්ඩ කෑලි කීපයක් අතින් හදන ගමන් මිමිණුවා..

කොල්ලා ගියෙ ජන්ග්කුක්ගෙ ඩොක්ටර්ව මුණ ගැහෙන්න..

"තවමත් අපිට ඩෝනර් කෙනෙක් ලැබුණෙ නෑ ජිමින්..ජන්ග්කුක්ට ගැළපෙන වකුගඩුවක් තවමත් ලැබිලා නැහැ..."ඩොක්ටර් කිව්වෙ ජන්ග්කුක්ගෙ රිපෝට් එකට ඇස් දෙක ඔබාගෙන..

"මං දෙන්නම් ඩොක්ටර්.."ජිමින් ස්ථිර හඬකින් කියද්දි ඩොක්ටර් ගැස්සිලා කොල්ලා දිහා බැලුවා..

"මොකක්ද??"

"ඔව් ඩොක්ටර්..මම හිතනවා මගෙ කිඩ්නීස් ජන්ග්කුක්ට ගැළපෙයි කියලා.."ජිමින් කිව්වෙ අන්තිම බලාපොරොත්තුවක් හිතේ තියාගෙන..

"ඒත් ඔයාලා ලේ සහෝදරයො නෙමෙයි නේද?විශ්වාසද රුධිර ඝන ගැළපෙයි කියලා??"ඩොක්ටර් ඇහුවා..ජිමින්ගෙ මූණෙ පොඩි හිනාවක්..

"ලේවලට වඩා හදවතේ බැඳීම හයියයි කියලා මට ඔප්පු කරන්න පුළුවන් ඩොක්ටර්..මේ ලෝකෙ දෙවියො කියලා කෙනෙක් ඉන්නවා නම්..මේ වෙලාවෙදි එයා මට උදව් කරයි කියලා මං හිතනවා..මුළු ශරීරයම දීලා හරි..මට ඕනෙ මගෙ මල්ලිව බේරගන්න විතරයි.."ජිමින්ගෙ පැහැදිලි වචන ඉස්සරහා තරුණ වෛද්‍යවරයා පවා ගොළු වුනා..

"හොඳයි මිස්ටර් ජිමින්..අපි චෙක්අප් එකක් කරලා බලමු..අපි විශ්වාසය තියමු..දෙවියො ගැන නෙමෙයි..ඔය දෙන්නාගෙ පුදුමාකාර බැඳීම ගැන.."ඩොක්ටර් කියද්දි ජිමින් ශක්තිමත් විදිහට හිනාවුණා..

කොල්ලාගෙ පෙරළි කරන හිත ඇතුළෙ තිබ්බ එකම ප්‍රාර්ථනාවයි..

"ජන්ග්කුක්ව බේරගන්න තියෙන අවසාන ප්‍රයත්නය සාර්ථක වෙන්න.."

ඒකයි කොල්ලාගෙ ප්‍රාර්ථනාව වුණේ..

Hyung | PJM x JJK | CompletedWhere stories live. Discover now